2024.10.26 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 26, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - උදේ 08.55 - 10.25
සුබ දිශාව - දකුණ

 

මේෂ

අමනාප වූ අයකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතුයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘෂභ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. අලුත් හිතවතුන් ඇසුරට කටයුතු උදා කරයි. පැවැති අසනීපයකින් සුවය හිමි කරන දිනයකි.

මිථුන

යොදාගත් සැලසුමක් වෙනස්කරන බවක් පෙනේ. පවුලේ අයගේ මෙන්ම සමාජයේ ද ගෞරවයට පාත්‍රවීමට ඉඩ ඇත. අවිවේකී දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. සිතේ චංචල ගතියෙන් කටයුතු සිදු කරයි. ඇස්වල හටගන්නා දෝෂයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලැබීම් සහිත දිනයකි.

සිංහ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු සැලසේ.

කන්‍යා

බාහිර අලංකාරයට විනෝදයට කැමැති දිනයකි. උෂ්ණාධික රෝගයක් නිසා පීඩා අත් කරයි. මුලාවීම්වලට හසුවීමට ඉඩ ඇත.

තුලා

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි. අමතර ගමන් බහුල දිනයකි. පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දක්වයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ආදායම් මාර්ගයකට කටයුතු උදා කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

මකර

ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයකට සහභාගි වේ.

කුම්භ

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ගැටලුකාරී බවකින් නිදහස සැලසෙන දිනයකි.

මීන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. ශාරිරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.