2024.10.16 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.55
රාහු කාලය - දහවල් 11.56 - 01.26
සුබ දිශාව - උතුර

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ.

වෘෂභ

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව සැලසෙන දිනයකි.

මිථුන

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. විශ්වාසය බිඳ වැටීමක් සිදුවන බවක් පෙනේ.

කටක

ගතට සිතට වෙහෙසක් ගෙන දෙන බවක් පෙනේ. අමතර ලැබීම් ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා දිනයකි.

සිංහ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති දිනයකි.

තුලා

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරයි. වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිකරයි.

වෘශ්චික

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දුරදිග බලා කටයුතු කරන්න.

ධනු

වගකීම් බහුල දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

මකර

තැන්පත් ධනය වැයවන බවක් පෙනේ. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. මවට හෝ මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ.

කුම්භ

පැවැති පීඩාකාරී බව මඟහැරී යයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදා කරයි. පිනට දහමට ළැදි බවක් පෙනේ. විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.