2024.10.15 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - දහවල් 02.56 - 04.26
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

රැකියා අංශයේ දියුණුවක් දැකිය හැකියි. බාහිර අලංකාරයට කැමැති දිනයකි. සුළු සුළු වාත වේදනාවන් ඉස්මතු විය හැකි බවක් පෙනේ.

වෘෂභ

සිත් ගන්නා ගති පැවැතුම්වලින් යුක්ත වේ. ඉගෙනීමේ කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. නොතේරුම්කමින් වැරැදීම් සිදුවිය හැකි දිනයකි.

මිථුන

මහන්සි වී වැඩ කිරීමට සිතයි. අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. උගුරේ අමාරු, දත්වල අමාරු ඇතිවිය හැකි දිනයකි.

කටක

ශරීර සෞඛ්‍යයට අහිතකර බවක් පෙනේ. රහස් ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.

සිංහ

අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරයි. ණය ගනුදෙනුවකට සම්බන්ධවීමට ඉඩ ඇත. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කන්‍යා

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

තුලා

තම රූපය ගැන වෙහෙසෙන දිනයකි. අමතර වියදම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙයි.

වෘශ්චික

පවුලේ අය සමඟ සුහදව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙහෙසීම් වැඩි කරයි. අමතර වියදම් බහුල කරන දිනයකි.

ධනු

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. වරින් වර පීඩාකාරී දිනයකි.

කුම්භ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත හිමිවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

මීන

පැවැති අසහනකාරී බව මඟහැරී යයි. පවුලේ සුහදතාවයට හේතු ඇති කරයි. සෙම් රෝග, හිසේ ආබාධ ආදියෙන් පීඩා ඇති කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.