2024.07.05 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 6.00
ඉර බැසීම - ප.ව. 6.30
රාහු කාලය - උදේ 10.41 - 12.15
සුබ දිශාව - උතුර

 

මේෂ

ගතට සිතට සුබදායක බවක් ගෙන දෙයි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

වෘෂභ

වගකීම් බහුල කරයි. අමනාප වූ කෙනකු තමා සොයාගෙන එන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. සහෝදර සිත් අමනාපයක් මඟහැරී යන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

කන්‍යා

තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. හදිසි ගමනක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදුකරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අතමිට සරුකරන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.