2024/06/18 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 18, 2024

 

ඉර උදාව පෙ.ව. 05.56
ඉර බැසීම ප.ව. 06.27
රාහුකාලය සවස 03.19 - 4.53
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට ඇරැයුමක් ලබයි. විනෝදයෙන් කටයුතු කරන දිනයකි.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. පැරැණි හිතවතකු හමුවීමට කටයුතු උදා කරයි.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි උදාරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

සිංහ

වගකීම් බහුල කරයි. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි. ලැබීම් අතින් යහපත් කරයි.

 

තුලා

විශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නීති සහන පතන දිනයකි.

වෘශ්චික

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

ධනු

විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. අමතර වියදම් බහුල කරයි.

මකර

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවන කටයුතු කීපයක් යෙදේ. දුරගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තනතුරු ලාබ හිමිකම් ඇති දිනයකි.

මීන

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ. ආගමික වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.