2024.03.04 සඳුදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 07.52 - 09.22
සුබ දිශාව - උතුර

 

මේෂ

අමතර වගකීම් බහුල කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

වෘෂභ

කලබලකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. එමෙන්ම හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හිතමිතුරන් ඇසුරේදී සැලකිලිමත් වන්න.

මිථුන

අලුත් දේ ඉගනීමට වෙහෙසක් දරණ බවක් පෙනේ. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. හිසේ වේදනාවකින් පීඩා විඳින දිනයකි.

කටක

නිකරුනේ කරන වියදම් වැඩි කරයි. ආගමික කටයුත්තක් උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කරුණු යෙදේ. වගකීම් බහුල දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන කරුණු කීපයක් සිදුකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට හෝ මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘශ්චික

නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

අමතර ආදායම් මාර්ගවලට ඉඩ සැලසෙන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. ක්ලාන්ත ගතියක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. නිතර ඇතිවන කොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. රැකියා බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.

මීන

ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත් කරයි. පැරැණි ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.