2024/02/29 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 29, 2024


 

ඉර උදාව පෙ.ව. 06.24
ඉර බැසීම ප.ව. 06.23
රාහු කාලය දහවල් 01.53 - 03.23
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අන්සතු වස්තු ලාභයකට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. යන එන තැන ප්‍රසිද්ධියට කරුණු ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට මඟ සැලසෙන දිනයකි.

කටක

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

සිංහ

අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ගේ දොර කටයුතු කෙරෙහි වෙනදාට වඩා විමසිලිමත් වන්න. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරි බවක් ඇති කරයි.

කන්‍යා

එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟම හිතවතකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

තුලා

හදිසි ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ. පවුලේ අය අතර හොඳ හිත දිනා ගන්නා දිනයකි. විභාග ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.

වෘශ්චික

අවිවේකී ලෙස කටයුතු උදා කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත් වන්න. රාත්‍රී ගමන් බහුල දිනයකි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

ධනු

සිත් කලකිරීම් බහුලවන දිනයකි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍ර‍්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි.තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

මකර

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදු වීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත්වන කරුණු කීපයක් යෙදේ. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.