අද දවස

පෙබරවාරි 25, 2024
2024.02.25 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 06.25
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - සවස 04.53 - 06.23
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල වුවත් ක්‍රමවත් කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර ඇවිදිලි ඇති කරන දිනයකි. 
 
වෘෂභ 
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අන්සතු වස්තු ලාබයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. පවුලේ සතුට වෙනුවෙන් කරුණු කීපයක් සිදු කරයි. 
 
මිථුන 
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. ප්‍රසිද්ධියට කරුණු සැලසෙන දිනයකි. 
 
කටක 
සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ සැලසේ. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
සිංහ 
නිතර ඇවිදිලි ඇති කරයි. සමාජසේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. පෙම් සබඳතාවක් සාර්ථක කරන දිනයකි. 
 
කන්‍යා 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස් කර ගැනීමට කටයුතු උදා කරයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට කරුණු ඇති කරයි. 
 
තුලා
වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ පාදයේ වේදනාවක් නැවත මතු කරයි. වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. 
 
වෘශ්චික 
දරුවකුගේ දියුණුවක් දැකිය හැකි දිනයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. 
 
ධනු 
පොත්පත් ලිපි ලේඛන කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. සුළු සුළු ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. 
 
මකර 
පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
 
කුම්භ 
ලැබීම් අතින් යහපත් කරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. 
 
මීන
ගතට සිතට සැනසිල්ල උදා කරන කටයුතු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත හිමි කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.