2024.02.16 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 10.55 - 12.55
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

එදිනෙදා කටයුතු සම්බන්ධ උනන්දුව අඩු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි.

වෘෂභ

විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරයි. අලුත් දේ මිලයට ගැනීමට හැකිවන දිනයකි.

මිථුන

වගකීම් බහුල කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කටක

පැවැති ගැටලුවකින් නිදහස අත්කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්කලකිරීමක් ඇතිවේ. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

සිංහ

නැතිවූ දෙයක් නැවත හිමි කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ.

කන්‍යා

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතමිතුරන් දැන හඳුනාගැනීමට කටයුතු සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

තුලා

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා වැඩකටයුතු අධික වන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති දිනයකි. අමතර ලැබීම් අතින් යහපත් කරයි.

වෘශ්චික

වගකීම් බහුල කරන රැකියාවකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

ධනු

පවුලේ සතුට සමාදානයට හේතු ඇතිකරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදාකරන දිනයකි.

මකර

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

කුම්භ

අමතර ලැැබීම් අතින් යහපත් දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන දිනයකි.

මීන

තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලබීම් අතින් යහපත් දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.