2024.02.12 සඳුදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 12, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැන්නා දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා දරුවකුගේ වැඩ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි. වගකීමකින් නිදහස උදා කරයි.

මිථුන

ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. ප්‍රභූ ඇසුරකට කටයුතු උදාකරයි. සෞන්දර්යාත්මක කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත් කරයි.

කටක

දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට හේතු ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකු ගැන විමසිලිමත් වන්න. වගකීම් බහුල දිනයකි.

සිංහ

හදිසි සැලසුමක් සාර්ථක කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.

කන්‍යා

සිතේ සතුට ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

තුලා

මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පවුලේ අයගේ මෙන්ම හිතවතුන්ගේද ප්‍රසාදයට පත්වන දිනයකි.

වෘශ්චික

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර අලංකාරයෙන් සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

විශේෂ හිතවත්කම්වලට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණයක් හිමිකරන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සෙම් රෝග, වාත අමාරු බහුල දිනයකි.

කුම්භ

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවළක් සාර්ථක කරයි. සමාජයේ කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. පැරැණි පෙම්සබඳතාවයක් අලුත්වීමට ඉඩ ඇත. මනසට පීඩාකාරී සිතිවිලි කීපයක් ඇති කරයි. නිතර ආගමික කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.