2024/02/08 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 8, 2024

 

ඉර උදාව පෙ.ව. 06.29

ඉර බැසීම ප.ව. 06.21
රාහු කාලය දවල් 01.54 - 03.23
සුබ දිශාව දකුණ

මේෂ

අමතර වගකීම් බහුල කරයි. එමෙන්ම මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරන බවක් ද පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුලවන දිනයකි.

වෘෂභ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවීමට ඉඩ ඇත. විශ්වාසය බිඳවැටීමක් සිදු කරන බවක් පෙනේ.

මිථුන

විශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. සහෝදර බැදීම්වලට කටයුතු යෙදෙන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

කටක

විශේෂ හිතවත්කම්වලට මඟ සැලසේ. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන බවක් පෙනේ. අමතර ලැබීම් හිමි කරන බවක් පෙනේ.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. වරින්වර ආගමික නායකයන්ගේ පිහිට පතන දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසෙයි.

කන්‍යා

තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. අජීර්ණ ආබාධයකින් පීඩා විඳින දිනයකි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

පැවැති හිතවත්කම්වලට බාධාගෙන දෙන බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩුකරන දිනයකි. පොරොන්දු ගිවිසුමකට බාධා ඇති කරයි.

වෘශ්චික

ඥාති හිතවතකුගේ දෝෂාරෝපණයට ලක්වන බවක් පෙනේ. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

 

ධනු

දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට සිදු වේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තීරණ වෙනසක් සිදු වීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි.

 

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන බවක් පෙනේ. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කුම්භ

ශාරීරික වෙහෙසීම් වැඩිකරන දිනයකි. ඇසුරු කරන අය අතර කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක් පෙනේ.

මීන

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. සෙම් රෝග, හිසේ ආබාධ, ආදිය මතුවිය හැකි දිනයක් බැවින් කල්පනාකාරීවීම වැදගත් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.