2024/02/01 බ්‍රහස්පතින්දා- ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 1, 2024

 

ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය දවල් 01.52 - 03.22
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

 

වෘෂභ

පැවැති වගකීමකින් නිදහස අත්කරයි. නිතර තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් විය යුතු බවක් පෙනේ. පින් දහම් කටයුතුවලට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

කටක

අමතර ආදායම් මාර්ග කීපයක් හිමි කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ. නිතර තම අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

සිංහ

හදිසි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කන්‍යා

පැවැති වගකීමකින් නිදහස සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අමතර වියදම් බහුල වන දිනයකි.

 

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

ධනු

පැවැති වගකීමකින් නිදහස සැලසේ. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදෙනු ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසන්සුන්තාවයක් ඇති කරයි.

මකර

මනසට පීඩාකාරි ලෙස සිතිවිලි ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි.

කුම්භ

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. රැකියා කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ.

මීන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ණය ගණුදෙනුවක් විසදා ගැනීමට කටයුතු සැලසේ. නැතිවූ දෙයක් නැවත හිමි කරන දිනයකි. වෙහෙස ඇති ගමනකට කටයුතු උදාකරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.