2023.11.17 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 17, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - උදේ 10.26 - 11.55
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි.

වෘෂභ

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. තුනටිය ආශි‍්‍රත ආබාධයකින් පිඩා අත්කරයි.

මිථුන

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන කටයුතු කීපයක් සිදුකරයි. වගකීම් බහුල දිනයකි.

කටක

නිතර විනෝදයෙන් කටයුතු සිදුකරන දිනයකි. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

සිංහ

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන දිනයකි. චර්ම ගත ආබාධයකින් පීඩා විඳින දිනයකි.

කන්‍යා

වෙහෙසකාරී කටයුත්තකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. වියදම් අධිකවන දිනයකි.

තුලා

අලංකාරයට සිත ඇදී යන දිනයක් බව පෙනේ. දුර ගමනක් වෙනුවෙන් තමාට වෙහෙසීමට සිදුවෙයි. පපුව ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

වෘශ්චික

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නිතර දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. පරම්පරාගත දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.

ධනු

අවිවේකී ලෙස දවස උදාකරයි. ප්‍රභූ අයකු හමුවීමට කටයුතු උදාකරන බවක් පෙනේ. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු සිදුකරන දිනයකි.

මකර

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. නිතර දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. පැවැති අසනීප ගති මඟහැරී යයි. අමතර වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි.

මීන

නිකරුනේ කරන වියදම් වැඩිකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත හට ගැනීමට ඉඩ ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.