2023.11.05 ඉරිදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 5, 2023

ඉර උදාව – පෙ.ව. 05.58
ඉර බැසීම – ප.ව. 05.50
රාහු කාලය – සවස 04.21 - 05.50
සුබ දිශාව – දකුණ

මේෂ

අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙන දිනයකි. නිතර පවුලේ අය සමඟ දුරගමනකට සැලසුමක් ඇති කර ගනී. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

වෘෂභ

යටපත්වෙමින් පැවැති පාදයේ ආබාධයක් නැවත මතුවිය හැකියි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවිය හැකිය.

මිථුන

ගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු කරන දිනයකි. භෝජන සංග්‍රහයකට සහභාගි වීමට කටයුතු උදාකරයි.

කටක

අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකියි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

සිංහ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිවත් විය යුතුයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

කන්‍යා

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වන්න. සතුරු කරදරයක් ඇතිවිය හැකි දිනයකි.

තුලා

ඉක්මන් කලබලකාරි ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර මුදල් වියදම් වැඩි කරයි. ඥාතියකු හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේදයක් ඇති කර ගනී.

වෘශ්චික

අවුල් වියවුල්වලට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වියදම් පක්ෂය අධික වන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. දුරගමනක් පිළිබඳ අදහසක් ඇති කර ගනී.

ධනු

පවුලේ වගකීමක් තමා පිට පැවරේ. පැවැති බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට කරුණු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

මකර

අලුත් කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැළකිලිමත්වන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි.

කුම්භ

අන් අයගේ උදවු උපකාර ලැබෙන දිනයකි. මුදල් ගනුදෙනුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.