2023.11.03 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 3, 2023

ඉර උදාව පෙ.ව. 05.58
ඉර බැසීම ප.ව. 05.50
රාහු කාලය උදේ 10.25 -11.54
සුබ දිශාව – නැඟෙනහිර

මේෂ

විශේෂ කටයුතු කීපයකට අත ගැසීමට සිදු වෙයි. එදිනෙදා කටයුතු සම්බන්ධව අවිවේකී බවක් ඇති කරන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. දුර දිග බලා කටයුතු කරන්න.

වෘෂභ

අමතර ගමන් බහුල දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. පවුලේ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ.

සිංහ

හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් අවිවේකී බවක් ඇති කරයි.

කන්‍යා

අමතර ලැබීම් අතින් යහපත් කරයි. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන දිනයකි.

තුලා

පැවැති අසහනකාරි බව මඟහැරී යන දිනයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. වාහන ගමන් ගැන සැලකිලිමත්වන්න. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.

වෘශ්චික

හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවේ. නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. යටපත් වෙමින් පැවැති උදරාබාධයක් නැවත මතුකරයි. නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න.

ධනු

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. නිතර ගේ දොර කටයුතු පිළිබඳ සැලකිලිමත්විය යුතු දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවහිරතා මතුවන බවක් පෙනේ.

මකර

නොසිතූ පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කරන්න. අධ්‍යාපනික වැඩසටහනක් වෙනුවෙන් සූදානම් වන බවක් පෙනේ. අන්සතු ලැබීම්වලට හිමිකම් ඇති කරයි.

කුම්භ

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි.

මීන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. නිවෙසින් බැහැරව කටයුතු කීපයක් යෙදේ.

 

ධම්මිකා රාජපක්ෂ

ඉර උදාව පෙ.ව. 05.58
ඉර බැසීම ප.ව. 05.50
රාහු කාලය උදේ 10.25 -11.54
සුබ දිශාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.