2023.10.27 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 27, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - උදේ 10.25 - 11.55
සුබ දිශාව - උතුර

 

මේෂ

විශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා දිනයකි. පවුලේ අය සමඟ දුර ගමකට සූදානමක් ඇති කර ගනී. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන දිනයකි.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිවන බවක් පෙනේ.

මිථුන

සැනසිලිදායක ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා පොත්පත් ලිපි ලේඛන කටයුතු පිළිබඳ වෙහෙසීමට සිදුවේ. ගතට සිතට සුවදායක දිනයකි. වගකීමකින් නිදහස උදාකරයි.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිවන බවක් පෙන්නුම් කරයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු දිනයකි. සමාජ ඇසුරට කටයුතු යෙදෙන බවක් පෙනේ.

සිංහ

අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන දිනයකි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි.

කන්‍යා

අලුත් කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසේ. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අමතර ලැබීම්වලට ඉඩ ඇති බවක් පෙනේ.

තුලා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. ගෙදර දොර පී‍්‍රතියට කරුණු ඇති කරයි. දරුවකු පිළිබඳ දුරදිග සිතා බලා කටයුතු කළයුතු බවක් පෙනේ.

වෘශ්චික

සතුරන් නිසා කරදර ඇතිවිය හැකි බවක් පෙනේ. දියුණුව පිළිබඳ අදහසක් ඇති කරයි. වචන පාවිච්චියේ දී සැලකිලිමත් විය යුතු දිනයකි. සෙම් රෝග වාතාබාධ නිසා පීඩාවට පත්වන බවක් පෙනේ.

ධනු

නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර, එවැනි කටයුතුවල නිරතවන බවක් පෙනේ. අමතර ලැබීම්වලට ඉඩ ඇති බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන දිනයකි. සමාජීය කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.

කුම්භ

රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ස්ථාන මාරුවක් පිළිබඳ පුවතක් අසන්න ලැබේ. රැවටිලි වංචා වැනි දෙයට හසුවීමේ අවධානමක් ඇති කරයි. නිතර දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.

මීන

උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගෙන යෑමට සිදුවන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පැරැණි ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.