2023.10.13 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 13, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.57
රාහු කාලය - උදේ 10.27 - 11.57
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ. වරින් වර ශාරීරික අප්‍රාණික ගතිවලට හේතු යෙදේ. අමතර ලැබීම්වලට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

ගේ දොර කටයුතු කෙරෙහි විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. සිතේ පී‍්‍රතියට කරුණු සැලසෙන දිනයකි. වෙනදාට වඩා පිනට දහමට නැඹුරුව කටයුතු කරන බවක් පෙනේ.

මිථුන

සහෝදර බැඳීම්වලට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. ගත සිත වෙහෙසවා කරන කටයුතු අධිකවන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

කටක

පවුලේ බැඳීම් තහවුරුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර හදිසි ගමන් කීපයක් යෙදෙන බවක් පෙනේ. අලුත් වැඩපිළිවලක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. සිත් නොහොඳකමකට මුලපිරෙන දිනයකි.

සිංහ

වගකීම් බහුල කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

කන්‍යා

විශ්වාසවන්ත හමුවීමකට මඟ සැලසෙන දිනයකි. අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. නිතර තම නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

තුලා

එදිනෙදා කටයුතු පිළිබඳ උදාසීන බවක් ඇති කරන බවක් පෙනේ. නිතර හුදකලාව කටයුතු කිරීමට සිත් දෙන දිනයකි. යොදාගත් සැලසුමක් අතපසුවීමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුකරයි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අතමිට සරු වුවත් අමතර වියදම් බහුල කරන දිනයකි.

ධනු

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ අය අතර සුහදතාවකට හේතු ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මඟ හැරී යයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

මකර

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා ගතසිත වෙහෙස කරන කටයුතු අධික කරයි. රාත්‍රී ගමන් බහුල දිනයකි. සෙම් රෝග හේතුවෙන් කටයුතු කීපයක් අතපසු කර ගන්නා බවක් පෙනේ.

කුම්භ

වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. උදරාශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරයි. තමා සතු දෙයක් නැතිවීමට හෝ අමතක වී යාමට කරුණු ඇති කරයි. වගකීම් බහුල දිනයකි. හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.