2023.10.12 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 12, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.57
රාහු කාලය - දවල් 01.27 - 02.57
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන දිනයකි.

වෘෂභ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ අය අතර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සැනසිලිදායක ලෙස දවස ගෙවෙන බවක් පෙනේ. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. වෙහෙසීම් වැඩි කරන දිනයකි.

කටක

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් හිමිකරන බවක් පෙනේ. මවට හෝ මව්පස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ප්‍රසිද්ධියට කරුණු සැලසෙන දිනයකි.

සිංහ

බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අතමිට සරුකරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වගකීම් බහුල වන දිනයකි.

කන්‍යා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර පින්දහම් කටයුතුවල නිරතවීමට අවස්ථාව උදාකරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුරයි.

තුලා

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. නිතර තනිව කටයුතු කිරීමට කැමැති දිනයකි. අතමිට මුදල් ගැවසෙන මාර්ග උදාකරයි. යටපත් වූ දණහිසේ ආබාධයක් නැවත මතුවීමට ඉඩ ඇත.

වෘශ්චික

වගකීම් බහුල කරයි. නොසන්සුන්කාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි.

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයට හිමිකම් ඇති කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මකර

පැරැණි හිතවත්කම් අලුත්වන දිනයකි. පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් දැන හැඳුනුම් කම්වලට මඟසැලසෙන දිනයකි. යටපත් වූ අසනීපයක් නැවත මතුකරයි.

මීන

යොදාගත් වැඩපිළිවෙලක් සාර්ථක කරන බවක් පෙනේ. නිතර ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරයි. මුත්‍රා අමාරු තුනටිය ආශි‍්‍රත ආබාධ මතුවිය හැකි දිනයකි. පවුලේ කෙනකු නිසා සතුටට පත්විය හැකි බවක් පෙනේ.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.