2023/10/11 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 11, 2023

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.57
රාහු කාලය දවල් 11.57 - 01.27
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

වගකීම් බහුල කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ශාස්ත්‍රීය කටයුත්තක් නිසා වෙහෙසෙන දිනයකි. නොසන්සුන්කාරී ගතිපැවැතුම් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදු වීමට ඉඩ ඇත.

වෘෂභ

අලුත් බැඳීම් ඇති කරන බවක් පෙනේ. නිතර තමා ගැන ප්‍රශංසා අසන්න ලැබෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

මිථුන

වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. අමතර ලැබීම්වලට බාධාකාරි බවක් ඇති කරන දිනයකි.

කටක

දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. දරුවකු පිළිබඳ ගැටලුවක් සමතයකට පත් කරයි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

සිංහ

අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකු නිසා සිත්තැවුලක් අත්වන බවක් පෙනේ. නිතර ඇවිදිලි වැඩි කරන අතර පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

 

කන්‍යා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ප්‍රමාදතා සිදු කළ මුදල් ගනුදෙනුවක් හිමි කරන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

තුලා

වරින්වර ගතට සිතට පීඩා ඇති කරන බවක් පෙනේ. ඥාති හිතවත්කමක් දුරස්ව කටයුතු කිරීමට සිදු වෙයි. නිවෙසට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත්වන්න. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘශ්චික

නොසිතූ පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. විභාග කටයුත්තක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

ධනු

සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන දිනයකි. දරුවන්ගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. හදිසි ගමනකට සම්බන්ධවීමට හිමිකම් ඇති කරයි.

මකර

මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙළකට බාධාගෙන දෙන බවක් පෙනේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති අතර, වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කරන්න. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.

කුම්භ

සැනසිලිදායක බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට මඟ සැලසේ.

මීන

නිතර වෙහෙසකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇති දිනයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.