2023.10.06 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 6, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.00
රාහු කාලය - උදේ. 10.28- 11.59
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා ළඟින් ඇසුරු කරන අයකු

පිළිබඳ සැළකිලිමත් වන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන දිනයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන දිනයකි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන දිනයකි.

කටක

පැවැති ගැටලුකාරී බවක් විසඳී යන බවක් පෙනේ. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග ගෙනදෙන දිනයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක් පෙනේ.

සිංහ

ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. නිතර විනෝදයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.

කන්‍යා

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් මානසික අසහනය ගෙනදුන් ගැටලු කීපයකින් නිදහස අත් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අන් අයගෙන් උපකර හිමිකරන දිනයකි. වෙනදාට වඩා යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුමතයට කටයුතු කරන දිනයකි. පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරයි. වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් නොවන දිනයකි.

ධනු

වරින් වර උදාසීන ගති ඇති කරන බවක් පෙනේ. පවුලේ කෙනකුගේ නොසන්සුන්කාරී ගති පැවැතුම් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතු කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි.

මකර

වගකීම් බහුල කරන දිනයකි. පවුලේ කෙනකු නිසා සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වරින් වර ඇති කරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ.

කුම්භ

වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. රැකියාවේ අසහනකාරී බවක් මඟහැරී යන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදාකරයි. පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ආගමික සැලසුමකට අතහිත දීමට කටයුතු උදාවේ. නිතර තමා හමුවට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.