2023.09.19 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 18, 2023

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.09
රාහු කාලය - සවස 03.06 - 04.38
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

හදිසි වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙනේ. රාත්‍රී ගමන් බහුල වීමෙන් නොසිතූ කරදර කීපයකට පැටලීමට ඉඩ ඇත. අමනාප වූ ඥාතියකු සමඟ මිත්‍ර වීමට අවස්ථාව උදාකරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා අතමිට සරු කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ස්නායු ගත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි. අසල්වැසි ඇසුරේදී කල්පනාකාරී වන්න.

මිථුන

ලැබීම් අතින් යහපත් දිනයකි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ. වාහනයක අඩු පාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ.

කටක

සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. අන් අය හා අසුරේදී දුරදිග සිතා බලන්න. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදාකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

සිංහ

හදිසි ගමන් කීපයකට සහභාගි වීමට කටයුතු උදාකරයි. වරින් වර හටගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

ගතට සිතට අවිවේකි බවක් ඇති කරයි. නිතර හට ගන්නා දණහිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විශේෂ වාසි කීපයක් සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

තුලා

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. ප්‍රමාද වූ විවාහ යෝජනාවක් නැවත සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. තරඟ විභාගයකින් ජයග්‍රහණ අත් කරන දිනයකි.

වෘශ්චික

හදිසි ගමන් කීපයකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. නිතර ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. රාත්‍රී ගමන් බහුල දිනයකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

ධනු

ලැබීම් අතින් යහපත් දිනයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. රැකියා ස්ථානයේ වැඩකටයුතු අධිකවන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සෙම් පීඩා බහුල දිනයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කුම්භ

තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා කල්පනාවෙන් පසුවන්න. ගේ දොර උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන දිනයකි. අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන කටයුතු කීපයක් සිදුකරයි. නිතර ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක් පෙනේ.

මීන

උදාසීන ලෙස දවස උදාකරයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණූු පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නීති ගැටලුවකට පැටලීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.