2023.08.29 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 28, 2023

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 06.20

රාහු කාලය - සවස 03.16 - 04.48

සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ගතට සිතට උදාසීන බවක් ඇති කරයි. වරින්වර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි. විවාහ ගිවිසුමකට බාධාකාරී බවක් ගෙන දෙන බවක් පෙනේ.

වෘෂභ

මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිතට කනස්සල්ලක් ඇති කරයි. පවුලේ බැඳීම්වලට හේතු ඇති කරයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

මිථුන

අලුත් සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරයි. අතමිට මුදල් ඉතිරි කර ගැනීමේ මාර්ග කීපයක් යෙදේ. මෙතෙක් පැවැති බලාපෙරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී.

කටක

හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. ඥාතීන් සමඟ සතුට සාමීචියේ යෙදීමට කටයුතු උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර සිතේ කනස්සලු ස්වභාවයකින් කටයුතු කරන දිනයකි.

සිංහ

පියපස ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි. ශාරීරික වෙහෙසීම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. අඹුසැමි විශ්වාසය පලුදුවීමක් සිදුකරයි. වෙනදාට වඩා අසහනකාරී බවකින් දවස ගෙවයි.

කන්‍යා

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. හදිසි මුදල් ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දවසින් වැඩි කාලයක් දරුවකු වෙනුවෙන් කැප කිරීමට සිදුවේ.

තුලා

නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. පදිංචියෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි බවක් පෙනේ. නොසිතූ අලාභයකට කරුණු සිදුවන බවක් පෙනේ.

වෘශ්චික

ගේ දොර කටයුතු සම්බන්ධ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. මුදල් සම්බන්ධ කටයුතුවලදී පරිස්සම් විය යුතු බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර ගේ දොර පදිංචියෙන් දුරස්ව කටයුතු කරයි. වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. අමතර ආදායම් මාර්ගයකට යොමුවන බවක් පෙනේ. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

ශාරීරික වෙහෙස ඇති කරයි. වෙනදාට වඩා පවුලේ වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසන්සුන්කාරී බවක් ඇතිවන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට සිත යොමුවන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.

කුම්භ

යන එන ගමන් පිළිබඳ සැළකිලිමත් වන්න. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. අමතර ගමන් බහුලවන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන දිනයකි.

මීන

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන බවක් පෙනේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පෙම් සබඳතාවයකට බාධාගෙන දෙන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන බවක් පෙනේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.