වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ලලනා රූසපුව ඔපවත් කරන මහඟු ඖෂධයක් වූ කුංකුම
ජන සමාජය තුළ එතරම් කතා බහට ලක් නුවූවත් කුංකුම, කේශර හෙවත් සැපරන් නමින් හඳුන්වනු ලබන වටිනා ඖෂධයක් වන කුංකුම පෙර රජ දවස රාජ කුමාරියන්ගේ හා රජබිසෝවරුන්ගේ ලාලිත්‍ය ඔපවත් කිරීම සඳහා යොදාගනු ලැබූ ප්‍රබල සුවඳවත් ආලේපනයක්ව තිබූ බව සඳහන්ව ඇත.
ඉතා දුර්ලභ ගණයේ වූ ඖෂධයන් අතර කුංකුමප්පු ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබති. යුරෝපයේ ජපානයේ මෙන්ම ඉන්දියාවේ කාශ්මීරයේ ද ඉතා සරුවට වැවෙන කුංකුමප්පු කුඩාවට වැඩෙන අලංකාර වූ ඖෂධ පැළෑටියකි. පි‍්‍රයමනාප දම් පැහැයෙන් යුත් කුංකුම පැළෑටියේ මල් ද සුන්දරත්වයක් ගෙන දේ.
මල්පෙති මැද පිහිටා ඇති ත්‍රිත්වය අගින් ස්ත්‍රී රේණු හෙවත් කුංකුම වර්ධනය වේ. ස්වභාවික පරිසරයේ වැඩෙන කුංකුම ඖෂධ පැළෑටිය සිසිල් දේශගුණයෙන් හොඳින් පෝෂණය වේ. ඖෂධීය ගුණ රැසකින් සමන්විත කුංකුම ප්‍රධාන වශයෙන් ක්ෂය රෝගය, අක්මා රෝගය, ජ්වර රෝගය ඇතුළු රෝග රැසකටම යොදා ගනු ලබන ඖෂධයකි. කුංකුම කෙදි මෙන් ස්වරූපයක් ගෙන දෙනු ලබන පෙති විහිදීගිය මලකින් යුක්ත වේ. බොහෝ විට කුංකුමප්පු සිරුරේ අලංකාරය සඳහා නිෂ්පාදිත ඖෂධවලට වැඩියෙන් යොදා ගනිති.
කුංකුමාදී තෛලය මුහුණ මෙන්, සිරුරද කාන්තිමත් භාවයක් ඇති කරවන කුංකුමාදී තෛලය මුහුණේ ගෑමෙන් කුරුලෑ නැති වේ. කැලැල් මැකී අමුතුම ප්‍රබෝධමත් භාවයක් ඇතිවේ.
කුංකුමාදී තෛලයට කුංකුම, රත්හදුන්, නිලුපුල්, එළකිරි, පියුම්, රේණු, සැවැන්දරා, පුලිල දළු, කලු අගිල්, ඇතුළු තවත් ඖෂධ දහයකට වැඩි ප්‍රමාණයක් එක්කර ගනිති. දද, කුෂ්ඨ, පක්ෂාඝාත, ධාතුක්ෂය ප්‍රමේහ ආදී රෝග රැසකට දෙනු ලබන රණහංස රසායනයටද කුංකුම ප්‍රධාන කොට යොදා ගනිති. කුංකුම කරාබු, සාදික්කා වසාවාසි, සුවඳ කොට්ටම්, අසමෝදගම්, කළු දුරු, සූදුරු, එනසාල්, වැල්මී, මානෙල් අල, තලිස් පතුරු සුදුහඳුන් ඉරමුසු, කෝමාරිකා යුෂ, රත්නෙටාල්, කොත්තමල්ලි ඇතුළු තවත් ඖෂධ වර්ග තිස්පහක් පමණ එක්කරගනී.
බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර
සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු