2025/02/03 සඳුදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 3, 2025

 

ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.20
රාහු කාලය උදේ 07.57 - 09.25
සුබ දිශාව - උතුර

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පැවැති ගැටලුකාරි බවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

වෘෂභ

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. කලබලකාරි ගතිපැවතුම් ඇති කරයි. නිතර නිතර අදහස්් වෙනස් කරන දිනයකි.

මිථුන

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල දිනයකි. අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරයි. දුරදිග බලා කටයුතු කරන්න.

කටක

පොත්පත් කියවීමට උනන්දුවක් දක්වයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත්වන්න.

සිංහ

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අතින් යහපත් දිනයකි. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදු කරයි.

කන්‍යා

පැවැති කලබලකාරි බව මඟහැරී යයි. දරුවකු නිසා සතුටට පත්විය හැකි දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

තුලා

ගතට සිතට සැහැල්ලුුවක් ගෙනදෙන කටයුතු කීපයක් සිදු කරයි. යන එන තැන කැපී පෙනෙන දිනයකි. වගකීමකින් නිදහස සැලසේ.

වෘශ්චික

හදිසි තීරණයක් සාර්ථක කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස අත්කරයි.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් නොසිතූ ලෙස වැයපස අධික කරන බවක් පෙනේ. නිතර පිනට දහමට ළැදි දිිනයකි.

මකර

ඉවසිලිවන්තව කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. අලුත් දේ මිලදී ගැනීමට හේතු යෙදේ.

කුම්භ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ දියුණුවට හේතු යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මීන

පැවැති අඩුපාඩු කීපයක් මඟහරවා ගැනීමට හේතු යෙදේ. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.