2025.02.05 බදාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 7, 2025
ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.20
රාහු කාලය දහවල් 01.24 - 01.52
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ
ආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිිනයකි.
 
වෘෂභ 
හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිිනයකි. 
 
මිථුන 
 අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇති කරන සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා අත් කරයි. නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි. 
 
කටක 
 ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. ජලයෙන් අගුණ ගෙන දෙන දිනයකි. අලුත් දැන හැඳුණුම්කම්වලට හේතු ඇති කරන බවක් පෙනේ. 
 
සිංහ 
 අවිවේකී ලෙස දවස උදා කරයි. ඥාති උපකාරයක් සැලසීමට ඉඩ ඇත. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. 
 
කන්‍යා 
 දැන උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල වන දිනයකි. ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. 
 
තුලා
පවුලේ කටයුතු පිළිබඳ විමසිලිමත් වන්න. අවිවේකී ලෙස කටයුතු කරගෙන යන බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. 
 
වෘශ්චික 
 විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙස මහන්සිය සිදු කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. 
 
ධනු 
මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ගැටලුවකින් නිදහස උදා කරයි. අන් අයගේ ආදරය, අනුකම්පාව ලැබෙන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. 
 
මකර 
 අසහනකාරි කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. දියුණුවට බාධාගෙන දෙන කටයුතු කීපයක් සිදු කරයි. අවිවේකී ලෙස දවස ගෙවී යයි.
 
කුම්භ 
 උත්සාහවන්තව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසේ. 
 
මීන 
 ගතට සිතට සැප සතුට ගෙන දෙන දිනයකි. පවුලේ අයගේ ප්‍රශංසා හිමි කරයි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ලැබීම් අතින් යහපත් බවක් පෙනේ.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.