2025/01/31 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 31, 2025

 

ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය උදේ 10.55 - 12.23
සුබ දිශාව - දකුණ

 

මේෂ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අමතර ලැබීම් හිමිකරන දිනයක් වුවත් වැය පස අධිකවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

නොසිතූ සිත් රිදවීමකට ලක්වන දිනයකි. ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් කටයුතු කරන්න. වැඩිහිටි උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

මිථුන

ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත. වගකීම් බහුල දිනයකි.

කටක

ගතට සිතට චංචල බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් දැන හැඳුණුම්කම්වලට මුල පුරන දිනයකි.

සිංහ

අමතර ලැබීම් හිමි කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. නිතර පින් දහම් කටයුතුවලට නැඹුරුවන බවක් පෙනේ.

කන්‍යා

අවිවේකී බව මඟහැරේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟසැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. ඥාති උපකාරයක් හිමිකරයි.

තුලා

බාහිර අලංකාරයට කැමැති දිනයකි. නිතර විසිතුරු දේ මිලයට ගැනීමට කැමැත්තක් දක්වයි. නිදහසට බාධාවන කටයුතු කීපයක් සිදු කරයි.

වෘශ්චික

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදුකරයි. නොගැළපෙන ඇසුරකට කටයුතු සිදු කරයි. අමනාපවූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදාකරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. පවුලේ කෙනකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අමතර ලැබීම් සහිත දිනයකි. ගේදොර අලංකාරයට වෙහෙසෙයි.

මකර

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අලුත් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. නැතිවූ දෙයක් නැවත හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

කුම්භ

අමතර ලැබීම් සහිත දිනයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවන් කටයුතු සිදුකරයි. අසල්වැසි සුහදතාවයට කරුණු ඇතිකරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

මීන

පැවැති අවිවේකී බව මඟහැරී යයි. එදිනෙදා කටයුතුවල වෙනසක් සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.