2024.10.12 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 11, 2024
ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 05.57 
රාහු කාලය - උදේ 08.57 - 10.27 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
වෙහෙස ඇති ගමනක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. වගකීම් බහුල දිනයකි. 
 
වෘෂභ 
ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. ගැටලුකාරී බවක් හේතුවෙන් සිත් අමනාපයක් දුරදිග යයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරයි. 
 
මිථුන 
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. සහෝදර සිත් අමනාපයක් දුරදිග යා හැකියි. නිතර දරුවකු ගැන විමසිල්ලෙන් පසුවන්න. විවේකය අඩුකරන දිනයකි. 
 
කටක 
වගකීමකින් නිදහස අත් කරයි. සෙම් රෝග, පපුව සම්බන්ධ ආබාධවලින් පීඩා අත්කරයි. හදිසි ප්‍රතිකාර පතන බවක් පෙනේ. 
 
සිංහ 
අමතර ලැබීම් සහිත දිනයකි. වගකීමකින් නිදහස අත් කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. 
 
කන්‍යා 
අමතර ලැබීම් සහිත මාර්ග කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. 
 
තුලා 
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. 
 
වෘශ්චික 
අවිවේකී දිනයකි. වියදම් බහුල කරණයි. නොසිතූ සතුරු කරදරයකට මුහුණදීමට සිදුවන බවක් පෙනේ. ඥාති හිතවත්කම් අලුත් කරයි. 
 
ධනු
එදිනෙදා කටයුතු කෙරෙහි විමසිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. විසිතුරු දේ මිලදී ගැනීමට සිත පෙළඹෙන දිනයකි. 
 
මකර 
ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි.  උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. 
 
කුම්භ 
නැති වූ දෙයක් නැවත හිමිකරයි. පිනට දහමට ළැදි දිනයකි. උසස් ජයග්‍රාහණයක් පිළිබඳ අසන්න ලැබේ. සිතේ සැහැල්ලුවෙන් දවස ගත කරයි. 
 
මීන 
විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. දුර ඥාතියකු තමා සොයාගෙන ගෙන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.