2024.10.05 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.00
රාහු කාලය - උදේ 08.58 - 10.29
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශේෂ සැලසුමකට අත ගැසීමට කරුණු උදා කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන දිනයකි. පවුලේ සමඟියට කරුණු ඇති කරයි.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. දානමය සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මිථුන

ගුප්ත කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. රැකියාවේ දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

කටක

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

සිංහ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

කන්‍යා

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි.

තුලා

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙනේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු එකතුවීමට හේතු ඇති කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.

මකර

දුර බැහැර ගමනකට සැළසුමක් ඇති කර ගනී. ආගම දහම කෙරෙහි භක්තිය වැඩිකරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

කුම්භ

සමාජයේ කැපී පෙනෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට කැමැත්තක් දක්වයි. පැවැති අසනීපකාරී බව මඟහැරී යන බවක් පෙනේ.

මීන

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.