2024.10.03 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 3, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - දවල් 01.29 - 03.00
සුබ දිශාව - උතුර

 

මේෂ

උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

වෘෂභ

අමතර ලැබීම් සහිත දිනයකි. පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසේ. පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මිථුන

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. යටපත් වූ රෝගයක් ඉස්මතුවිය හැකි දිනයකි.

කටක

අමතර වගකීම් බහුල කරයි. දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

සිංහ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. සමාජ ගෞරවය හිමිකරන දිනයකි. ගේ දොර අලංකාරයට කටයුතු යෙදෙන බවක් පෙනේ.

තුලා

පි‍්‍රයමනාප ගතිපැවැතුම් ඇති කරයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු උදා කරයි. එදිනෙදා කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

වාශ්චික

බොහෝ දෙනා සමඟ එකතු වී වැඩ කටයුතු ආරම්භ කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා බවක් පෙනේ.

ධනු

යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශ්වාසවන්ත කෙනෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු සිදුකරන දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. උත්සව අවස්ාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කුම්භ

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මීන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුත්තක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.