ආයතනවලට සහ සේවකයන්ට බලපාන ඒරාෂ්ටක

සැප්තැම්බර් 20, 2024

අද දිනයේදී ඒරාෂ්ටක සම්බන්ධව වෙනත් ප්‍රවේශයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙමි. එනම් ඒරාෂ්ටක කාල වකවානු ඇසුරින් අනාවැකි පළ කළ හැක්කේ පුද්ගලයන් සම්බන්ධව පමණක් නොවේ. කිසියම් ආයතනයක් සම්බන්ධව හෝ කිසියම් පුද්ගල සමූහයක් පිළිබඳව නිශ්චිත අනාවැකියක් පළකිරීමේදී ද ඒරාෂ්ටක කාලවකවානු භාවිත කළ හැකිය.

අපගේ අත්දැකීම් හැටියට යම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්දර සටහන අනුව ඔහුට ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් ගත වන විට එම පුද්ගලයාගේ ජීවිතයෙහි ප්‍රබල වෙනස්කම් ඇති වන්නා සේම යම් ආයතනයක් ආරම්භ කළ මොහොතට අදාළ කේන්දර සටහන තුළ හෝ එම ආයතනයට බැදුණු පුද්ගල කණ්ඩායමක් තම රාජකාරි ආරම්භ කළ මොහොතකට අදාළ කේන්දර සටහන මත තදබල ඒරාෂ්ටක කාලයක් ගත වන විට එම ආයතනයෙහි හෝ එම පුද්ගල කණ්ඩායමේ තදබල වෙනස්කම් ඇති වන බව අපට දැක ගත හැකිය.

මෙහිදී අප වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ අදාළ ආයතනය ආරම්භ කළ මොහොතට අදාළව හෝ අදාළ පුද්ගල කණ්ඩායම රාජකාරි ආරම්භ කළ මොහොතට අදාළව පිළියෙළ කළ කේන්දර සටහන් තුළ ජන්ම ඒරාෂ්ටකයක් ගත වන්නේ කුමන කාලසීමාවක ද යන්නය. මෙහිදී අනෙකුත් ඒරාෂ්ටකවලට වඩා ජන්ම ඒරාෂ්ටකයට මූලිකත්වයක් ලැබේ. එයට හේතුව කිසියම් ආයතනයක් ආරම්භ කරන සිදුවීම හෝ කිසියම් පුද්ගල කණ්ඩායමක් රාජකාරි බාර ගන්නා සිදුවීම නිශ්චිත ලෙස දැක්විය නොහැකි සාපේක්ෂ සිදුවීම් වීමය. උදාහරණයක් ලෙස, කිසියම් ආයතනයක් විවෘත කරන වේලාව, එම ආයතනය පටන් ගත් වේලාව ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැකි වන අතර එම ආයතනයෙහි ප්‍රථම ගණුදෙනුව සිදු වූ වේලාව එම ආයතනය ආරම්භ කළ මොහොත ලෙස තවත් කෙනෙකුට අර්ථ දැක්විය හැකිය.

පුද්ගල කණ්ඩායමක් රාජකාරි බාර ගන්නා වේලාව සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. එහෙත් යම් ආයතනයක් ආරම්භ කරන දිනයෙහි හෝ යම් පුද්ගල කණ්ඩායමක් තම රාජකාරි මුල්වරට ආරම්භ කරන දිනයෙහි චන්ද්‍රයා තැන්පත්ව ඇත්ත් කුමන රාශියේද යන්න ඉතා පහසුවෙන් සහ ඉතා නිරවුල් ලෙස සොයාගත හැකිය. ඒ අනුව අදාළ ආයතනය ආරම්භ කළ දිනයට අදාළ හෝ අදාළ පුද්ගල කණ්ඩායම තම රාජකාරි ආරම්භ කළ දිනයට අදාළ කේනදර සටහන්වල ජන්ම ඒරාෂ්ටක එළැඹෙන කාල වකවානු අපට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. ඒ අනුව අදාළ ආයතනයෙහි හෝ අදාළ පුද්ගල කණ්ඩායම් ප්‍රබලම වෙනස්කම් ඇති වන කාලසීමා අපට ඉතා පහසුවෙන් තීරණය කළ හැකි වනු ඇත.

2007 වසරේදී සේවයට බැදුණ එක්තරා ආයතනයක සේවය කරන උපාධිධාරින් පිරිසක් හට ආයතනයට බැඳී වසර 2ක් 3ක් ගත වද්දී ඉදිරි වසර කිහිපය තුළ තම තනතුරුවල සුබවාදී වෙනසක් ඇති වන බවට ඉඟි පහළ වී තිබුණි. එහෙත් අදාළ ආයතනයේ අතීත ක්‍රියාකාරකම්වලට අනුව එය කිසිසේත් විශ්වාස නොකළ හැක්කක් වී ඇත. එයට ෙඒතුව එම ආයතනයට මීට කලින් බඳවාගත් උපාධිධාරි කණ්ඩායම් කිහිපයකට ද රැකියාවේ උසස්වීම් පිළිබඳව මෙවැනි ඉඟි කිහිප වතාවක් ලැබී තිබුණත් අවසානයේ ඒවා සිහින පමණක් වීමය. ඒ අනුව 2010 වසරේදී එම කණ්ඩායමේ කිහිප දෙනෙක් ඔවුන්ට සැබවින්ම උසස්වීම් ලැබේදැයි මගෙන් විමසූහ. ඒ අනුව මම ඔවුන් එම ආයතනයට බැඳුණ දිනය විමසුවෙමි. එම දිනයෙහි උදෑසන පැය කිහිපය තුළ චන්ද්‍රයා කන්‍යා රාශිය තුළ තැන්පත්ව ඇති බව මා හට පෙණුනි. ඒ අනුව ඉහත කී කණ්ඩායම ආයතනයට බැඳුණ දිනයට අදාළ කේන්ද්‍ර සටහනට 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ද 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළ සහ 2012 වසරෙහි මැයි 13 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව නොහොත් මධ්‍ය අවස්ථාවද 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වන බව මා හට දැක ගත හැකි විය. එම නිසා ඉහත කී උපාධිධාරි කණ්ඩායමට තම රැකියාව තුළ විශාලම වෙනස සිදුවන කාලය සැබවින්ම උදා වී ඇති බව මට වැටහුණි. ඔවුන් සේවයට බැදුණු 2007 වසරෙහි සිට 2010 වසරෙහි ඔවුන් මගෙන් අදාළ ප්‍රශ්නය විමසීම දක්වා වූ වසර කිහිපය තුළ ඔවුන්ට ආරංචි වූ ආකාරයටම ප්‍රධාන ලෙසම ඔවුන්ගේ උසස්වීම් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති බව මා හට තීරණය කළ හැකි විය. එයට හේතුව, එම කාලසිමාව තුළ ජන්ම ඒරාෂ්ටක කාලයක් ආරම්භ වී ක්‍රමයෙන් ක්‍රියාත්මක වීමය. එහෙයින් ඔවුන්ට ස්ථිර ලෙසම අදාළ උසස්වීම ලැබෙන බවද, 2009 වසෙරහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි මැයි 13 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළද එම උසස්වීම ලැබීම වෙනුවෙන් සිදුකරන ප්‍රධානම කටයුත්ත ඉටුවන බවටද මම ඔවුන්ට අනාවැකි පළ කෙරුවෙමි.

මා හට පැවසූ ආකාරයටම 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි මැයි 13 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළද එම කණ්ඩායම කිසිසේත් නොසිතු ලෙස එම කණ්ඩායමට උසස්වීම් ලබා දීමට අදාළ තීරණාත්මකම කටයුතුවලින් සියයට අසූවක් පමණම සිදුවී ඇත. එය එම කණ්ඩායමේ බොහෝ දෙනෙකු වැඩිපුර විශ්වාස නොකළ සිදුවීමක් වි ඇති අතර එම කණ්ඩායමේ සමහරෙකු සිහිනෙන්වත් විශ්වාස නොකළ සිදුවීමක් වී ඇත.

එමෙන්ම එම උපාධිධාරීන් කණ්ඩායම සේවයට බැදුණ දිනයට අදාළ කේන්දර සටහනට ජන්ම ඒරාෂ්ටකයේ 3 වැනි අදියර ගත වන්නේ 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළ සහ 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළ බව මම මීට කලින්ද පැවසුවෙමි. ඒ අනුව අප සඳහන් කළ අනාවැකිය සත්‍ය බවට පත් කරමින් 2014 වසරේදී ඉහත කී උපාධිධාරි කණ්ඩායමට විධායක මට්ටම දක්වා උසස්වීම් ලැබී ඇති අතර එය සිදුවී ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයේ 3 වැනි අදියර තුළය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.