2024.09.16 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව.06.10
රාහු කාලය - උදේ 07.32 - 09.03
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන දිනයකි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

වෘෂභ

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

මිථුන

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ චංචල බවක් ඇති කරයි.

කටක

කරගෙන යන කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු දිනයකි.

සිංහ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හදිසි ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරන ගන්නා බවක් පෙනේ. යටපත් වූ කකුලේ වේදනාවක් නැවත මතු කරයි.

කන්‍යා

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කටයුතු කීපයක් යෙදේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන දිනයකි.

ධනු

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරන බවක් පෙනේ. දරුවන්ගේ කටයුතු හේතුවෙන් සතුටට පත්විය හැකි දිනයකි.

මකර

ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් හිමි වුවත් ඒවාට අවහිරතා මතුකරන දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. තෑගි භෝග හිමිවන දිනයකි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැප සතුට උදා කරයි.

මීන

අවිවේකී ලෙස දවස උදා කරයි. පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරිමට සිදුවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.