සැප්තැම්බර් 13 සිට 19 දක්වා සතිය ඔබේ ලග්නයට...

සැප්තැම්බර් 13, 2024

 

මේෂ

විවේකයෙන් ගතවන සතියක්

පැවැති අවිවේකී බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවු පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධය අඩුකරයි. රැවටීම්වලට හසුවීමට ඉඩ ඇති කාලයකි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

රැකියාව

කල්පනාකාරී ලෙස රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. ආහාරපාන බේත්හේත් සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කාලයකි. එමෙන්ම රැකියාවේ වගකීම් බහුල කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. විදෙස් අධ්‍යාපන සැලසුමකට කටයුතු සූදානමක් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. උදරාබාධ, සෙම් රෝග ඇතිවිය හැකි කාලයකි. වරින් වර රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

වෘෂභ

ඉගෙනීමෙන් ජයග්‍රහණ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. වැඩිහිටි විරෝධය මත කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට අවස්ථාව හිමි කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ පරිස්සම් වන්න.

අය 06 වැය 04,

ජය අංකය - 04,

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

මිථුන

යන එන තැන කැපී පෙනේ

මෙතෙක් මඟහැරී තිබූ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන කටයුතු කීපයක් යෙදේ. ඉඩකඩම් දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන තැන කැපී පෙනෙන කාලයකි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතු ආරම්භයට යහපත් කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නව දැනුම සොයා යන මාර්ගවලට යොමුවන කාලයකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. පපුව පෙනහැල්ල ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.

 

අය 06 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක

උසස් අධ්‍යාපනයට යොමුවේ

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

දියුණුව සම්බන්ධ කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අනාථ අසරණ අයකුට උදව්උපකාර කිරීමට අවස්ථාව සැලසේ. දරුවන් මෙන්ම පවුලේ අය සමඟ සමීප සබඳතාවයක් ඇති කරයි. දේපළ පිළිබඳ ගැටලුවක් මතුවීමෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

රැකියාව

රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සාහිත්‍ය හා කලා අංශයට බර ඇති රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සේවක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ධාරණ ශක්තිය බලවත් බැවින් හොඳ මතක ශක්තියක් ඇති කරයි. ගණිත අංශයේ කටයුතුවලින් උසස් අධ්‍යාපනයට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. සෙම් දෝෂයක් හෝ හිසේ ආබාධයකින් පීඩා විඳින කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

සිංහ

විවාහ අපේක්ෂා ඉටු වෙයි

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගනුදෙනුවලදී වංචා රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න. ගේ දොර වැඩකටයුතු කෙරෙහි උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. විවාහ යෝජනාවක් සාර්ථක වන කාලයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

රැකියාව

අමතර රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවලින් අමතර ආදායම් ලබන බවක් පෙනේ. රැකියාවේ ඉදිරි දියුණුව පිළිබඳ නව සැලසුම් කීපයක් ඇතිකර ගනී.

අධ්‍යාපනය

කලාකාමී කටයුතුවල නියැළෙන කාලයකි. ධාරණ ශක්තිය බලවත් වන බැවින් ඉගෙනීමට දක්ෂතාවයක් දක්වයි. ගුප්ත අංශය කෙරෙහිද අවධානයක් යොමු කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

සෙම් දෝෂ බහුලවීමෙන් උගුරේ අමාරු, හිසේ ආබාධ ආදිය ඇතිවිය හැකියි. නිතර නිතර හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලට ලක්වීමට ඉඩ ඇත. වෙනදාට වඩා කෑම බීම ගැනීමේ දී කල්පනාවෙන් පසුවන්න.

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

අතමිට මුදල් ගැවසේ

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වයසට වඩා වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. වාහන ගනුදෙනුවකට කටයුතු උදා කරන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායකයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට හැකිවෙයි. තනතුරු වෙනසක් සිදුවිය හැකි අන්දමේ කටයුත්තක් සිදු වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කෙරෙහි සිත යොමු කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයක් වන අතර දුර පළාතකට අධ්‍යාපන කටයුතු සඳහා යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නැත. හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. රුධිරගත ආබාධයක් හෝ පෙනහලු ආශි‍්‍රත ආබාධයක් මතුවිය හැකිය.

අය 07 වැය 06,

ජය අංකය - 09,

ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - ඉරිදා

 

තුලා

දුර ගමනක් යෙදේ

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා යෙදෙන ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලට අලුත් සාමාජිකයෙකු එක්වන බවක් පෙනේ. අලුත් සැලසුමකට අත ගසන කාලයකි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් හිමි කරන රැකියා මාර්ග හිමි වුවත් ඒවාට අවහිරතා මතුකරන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන සිදුකරන රැකියාවකටද ඉඩකඩ ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැගෙන කාලයකි. එහෙත් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරයි. පොතපත කියවීමට දැඩි කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

නින්දයාම අඩුකම, පීනස් වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම යහපත්වන බවක් පෙනේ.

අය 05 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

වෘශ්චික

ගනුදෙනුවකින් අමතර වාසි

හිතවතෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් වැය කරන බවක් පෙනේ. විවාහ පක්ෂයේ අය සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යයි. ගනුදෙනුවකින් අමතර වාසි සැලසෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි.

රැකියාව

තනතුරු නිලතල දරන අයට සුබදායක කාලයකි. වෙනදාට වඩා රැකියාවේ වගකීම් වැඩි කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ලාභ ප්‍රයෝජන අත්කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව සැලසේ. නායකත්ව වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනය වීමට සිදුවන සතියකි. ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු අතර වෙනදාට වඩා ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්,

සුබ දවස - සිකුරාදා

ධනු

හදිසි දේපළ මිලදී ගැනීමක්

වෙනදාට වඩා පීඩාකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

එදිනෙදා කටයුතු පිළිබඳ සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක වෙනසක් සිදුකරයි. වගකීම් බහුල සතියකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසුණත් ඒවා එතරම් කාලයක් නොපවතී. හදිසි දේපළ මිලදී ගැනීමකට කටයුතු උදා කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. අමතර වෙහෙසීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. තනතුරු වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. දුර බැහැර ප්‍රදේශයකට අධ්‍යාපන කටයුතු සඳහා යාමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. විවිධ සෞඛ්‍යය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

මකර

ගේ දොර අලංකාරයට වෙහෙසේ

එදිනෙදා කටයුතු අධිකවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයේ 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට සිදු වෙයි. එමෙන්ම හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ප්‍රමාද වූ තීරණයක් සාර්ථක කර සතියකි.

රැකියාව

අවිවේකී ලෙස රැකියාවේ කටයුතු කරගෙන යයි. මෙතෙක් තනතුරු බලාපොරොත්තුවෙන් සිටි අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අමතර ලැබීම් හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතුවලින් විවිධ සම්මාන සහතික හිමි කරයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගනී. දුර බැහැර ප්‍රදේශයකට අධ්‍යාපන කටයුතු සඳහා යාමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනනීමට සිදුවේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. පැණි රස කෑම තෙල් බැදුම් ආදියෙන් වැළැකී සිටීම යහපත්වන බවක් පෙනේ.

අය 07 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස -ඉරිදා

කුම්භ

උත්සව අවස්ථාවක් යෙදේ

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. නීති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙනේ. අණදෙන ක්ෂේත්‍රයේ, පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතුවල වෙනසක් සිදුවීමට ඉඩ ඇත. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. අතපසු වූ පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳින බවක් පෙනේ. වෙනදාට වඩා ජලයෙන් මෙන්ම සීතල ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටිය යුතු බවක් පෙනේ. උදරගත ආබාධයකින් ද පීඩා විඳින සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

වැඩිහිටි ආශීර්වාද

උත්සාහයෙන් කටයුතු සිදුකරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

දරුවන් නිසා සැපත සතුට උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අතමිට සරුකරන කාලයකි. වැඩිහිටි ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. ස්වයං රැකියා කටයුතුවලට යහපත් කාලයකි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ගුරුභවතුන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි.

 

සෞඛ්‍යය

චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. රුධිරගත සීනි මට්ටමෙහිද වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.