පුවසල නැකත

ජූලි 26, 2024

 

“දෘෂ්ඨ මාත්‍රොපකාරීව භාග්‍ය වාංශව ජනපි‍්‍රයඞ
පූර්වා ෂඨා ජාත නරඞ සකලාර්තථී විචක්ෂණඞ

පුවසල නැකතින් උපත ලද්දේ නම් භේදයකින් තොරව උදව් උපකාර කරන භාග්‍යවන්ත සියලු දෙදනාම පි‍්‍රය කරන සකලවිධ කර්මාන්තයන්හි දක්ෂ තීක්ෂණ සියුම් බුද්ධි පරාසයකින් යුක්ත වූ ලෝකයාට අතිශයින්ම හිතවත් කෙනෙක් වන්නේ ය.

ගැමි පාරිසරිකව ජීවත්වීමට දැඩිලෙස පි‍්‍රය කරන සොබා දහමට එකඟව ක්‍රියා කරන, අන්‍යයන් සමඟ ඇසුරු කිරීමේ දී සමහර විට දෙපැත්ත කැපෙන කතා කියන, දිගු කලක් ඇසුරු කිරීමට නොහැකි, තරමක අන්‍යයන්ට නොපෙනෙන ආඩම්බරකමකින් යුක්ත, තදම ආත්මාර්ථකාමී කෙනෙකු වන, රහසේ පව් කරන, ඇතැම් විට තද බල ලෙසම රාගී චරිතයකට නෑකම් ඇති, විවාහ වීමට පෙර විවිධ උපක්‍රම හරහා ස්වයං වින්දනයන්හි යෙදෙන, ලෝචන ප්‍රදර්ශන මෙන් රහසේ වින්දනය ලබන අයෙක් වන්නේ ය. දෙපක්ෂයම මේ අන්දමට ක්‍රියාකරනු ඇත. පොළොව ආශි‍්‍රත රැකියාව හා ආදායම් මාර්ග උපදවා ගනී. ලාභ ලබයි. අනුන්ට උපකාර වන අතරම උපදෙස් දෙයි. එහෙත් තමා පිළිනොගනී.

තමාගත් තීරණ කිසිම විටක වෙනස් නොකරයි. ජලය ආශි‍්‍රත කටයුතුවලින් විශාල ලෙස ධනය උපයයි. එහෙත් මිල මුදල් රැදෙන්නේ ද අල්ප වශයෙනි. අක්‍රමවත්ව වියදම් කරයි. දකින දකින දේ තමා සතුකර ගැනීමට රුචිය වැඩිය. අමුතුම චරිතයකි. තෝරා බේරාගෙන වැඩ නොකරයි. සමහර විට පාඩු ලබන අවස්ථා එමටයි. ගුප්ත විද්‍යාවට සමත්ය. අංජනං බැලීම පේන කියැවීම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යාග හෝම ශාන්ති කර්ම කිරීමට අති දක්ෂවේ. ඒ හරහා විශාල ලෙස මුදල් සොයා ගනී. මැණික් වෙළෙඳාමට අති දක්ෂයි. සෙත්කවි රචනයට තෙල් ජීවම් කිරීමටද දක්ෂවේ. කෙනෙකුගේ මනස වහා එකවරම හඳුනාගෙන ඔහුට හෝ ඇයට මනෝ විද්‍යාත්මක උපදෙස් දෙයි. ඒවා සුර්ථක වේ. පුවසල නැකත් හිමියාට අන්‍යයන් වහාම මෝහනය වේ. මෝහනය කර ගැනීමටද අතිශයින්ම දක්ෂයි. තමාගේ කටහඬින් වහාම මූල්‍ය අංශය දියුණුූ කරගනී.

මාධ්‍ය අංශයට දක්ෂවේ. මුද්‍රිත හා විද්‍යුත් අංශ දෙකටම පත්‍ර, ගුවන්විදුලිය හා රූපවාහිනී අංශයන්ට, සමහර විට විශ්වවිද්‍යාලයීය කථිකාචාර්ය පදවි තනතුරු දරයි. පුවසල නැකැතින් උපන් කාන්තාව මුව දෙනෙකුගේ ඇස් ඇති, රූ සපුවෙන් අන්‍යයන් වශීකර ගැනීමට හැකි සිරුරකින් යුක්ත වේ. සත්‍ය ගරුකයි. රාගය අධික නිසා සමහර විට යුග දිවියේ ගැටලු ඇතිකර ගනී. අන්‍යයන් වහා තමාට වශීවන නිසා ප්‍රශ්න වැඩිවේ. පුවසල නැකත හිමි කාන්තාව රතියෙන් පරාජය නොවේ. තම යුග දිවිය අතිශයින්ම සාර්ථ කර ගැනීමට උපතින්ම සමත් වන්නීය.

පුවසල නැකතේ පළමු පාදයෙන් දැරියක් මල් වර වී නම් ඇගේ යුගදිවිය අතිශයින්ම සාර්ථක වේ. වාසනාවන්ත දාරක සම්පත් හිමිවේ.

දෙවැනි පාදයේ නම් කලට වේලාවට විවාහ වේ. යුගදිවිය සරුවේ. සම්පත් ලැබේ.

තුන්වැනි පාදයේ නම් යුග දිවිය රසවත් වේ. ධනය, සම්පත් විවාහයෙන් පසු අතට ලැබේ.

හතරවැනි පාදයේ නම් තරමක් යුග දිවිය පමා වේ. විවාහයෙන් පසු දියුණුව ලබයි. ධන සම්පත් අධික වේ. පුවසල නැකත් හිමියාට ගැළපෙන නැකත් මෙසේ ය. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී, අස්විද, මා, මුල. එයට අශුභ නැකත් වන්නේ රෙහෙණ හත, සුවණ, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්ය.

විශේෂයෙන්ම පුවසල නැකැත් හිමියන්ගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම හා හැසිරීම ඉතාම සුබ ධනාත්මක පැතිකඩක් නියෝජනය වන්නේ නම් පමණක් ජීවිතයේ දියුණුව වැඩියෙන් ඇතිවේ.

සාමාන්‍යයෙන්ම පුවසල නැකත් හිමියන් මිල මුදල් භූමි සම්පත් යාන වාහන ආදියෙන් පිරිපුන් වී ඇතත් ඒවායින් නියම ප්‍රයෝජනයක් සතුටක් ලබා ගැනීමට නොහැකි තැනට පත්වේ. සියලුම සැප සම්පත් හිමි වී ඇතත් සමහර අවස්ථාවල විවිධ කායික හා මානසික පීඩනයක්ට ගොදුරු වේ. තමාගේ දියුණුව වේගයෙන් ඉහළම තැනට පත්කර ගැනීමට මාන බලයි. එය කෙසේ හෝ වැරදුණ විට තද බල ලෙස කිපෙයි. තමා තමාටම වෛර කරන තැනට පත්වේ. තවද පුවසල නැකත් හිමියා බාහිරව යහපත් ලෙස අන්‍යයන්ට පෙනුනත් ඇතුළතින් වැරදි කරන තැනක සිටී. එය කුමන අන්දමකින්වත් කෙනෙකුට හසු නොවේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මැනවින් ප්‍රගුණ කර ඇති නිසා කෙනෙකුගේ මානසික හැසිරීම් රටාව වහා තමා හඳුනා ගනී. එය පහසු නොවේ.

සහෝදර ඵල හීන වේ. සමහර විට විවාහයෙන් පසු දාරක සම්පත් පිහිටියත්, තමාගේ ජීවිතය අවසන් කාල පරාසය තුළ තමන්ගේ ආදරණීය දරුවන්ගෙන් ආදරය කරුණාව දයාව නොලැබී යාමට හැකිය. විවාහයේ ද යම් යම් අඩු පාඩුකම් ඇතිවේ. දෙදෙනා අතර ඇති ආලය අනුරූ සෙනෙහෙස කල්ගත වෙත්ම කිසියම් අඩුවකට පත්විය හැකිය. තමා අන්‍යයන්ට ඉතාම හොඳ වූවත් ඒ සියලුම දෙනාම ඔබගෙන් ප්‍රයෝජන ගැනීමට හැකි අවස්ථාවේදී පමණක් ඔබ ළඟ ගැවසේ. ඊට පසු ඔබ අතහැර යයි. ඒක හරියටම ඔබ සිනහ වන විට අනෙක් අය ඔබත් සමග සිනහ වේ. නමුත් ඔබ යම් දිනෙක අඬන විට ඔවුන් ඔබෙන් වෙන් වී ඔබට සිනහ වේවි.

යථාර්ථය තේරුම් ගැනීමට ඔබ සමත් නිසා ලෞකිකමය වශයෙන් කිසි දිනෙක ඔබ ජීවිතයේ කඩා වැටීමක් සිදු නොවූවත් ඔබ මුලදී කරන ලද උදව් උපකාර ආපසු ඔබටම පාරාවලල්ලක් විය හැකිය. පුවසල නැකැත් හිමියන් අති විශාල සංඛ්‍යාවක් පිළිබඳව කරන ලද අත්හදා බැලීම් ඔස්සේ ඔවුන් ඔවුන්ටම අවසන් කාලයේදී පසුබෑමකට ලක් වෙන බැව් පරීක්ෂා කිරීමේ දී හෙළි වේ ඇත්තේ ය. කොපමණ මුදල් අතට ලැබුණත් ඒවා වහා වැයවන තැනට පත්වේ.

මේ ලිපිය කියවන ඔබ පුවසල නැකත් හිමියෙක් නම් වඩාත්ම වැදගත් වන තොරතුරු රැසක්ම පැවසීම ඔබට වැදගත් වේවී. විශේෂයෙන්ම ඔබේ පෞද්ගලික තොරතුරු අන්‍යයන්ට නොපවසන්න. ඔබේ වයස අධ්‍යාපන සුදුසුකම්, දේපළ වත්කම් විවාහ වූ දිනය හා පෞද්ගලික ජීවන රහස් තොරතුරු ඔබේ කල්‍යාණ මිතුරාටද පවසන්න එපා. විශාල හානියක් ඔබට පසුව සිදුවේවි.

ඒ පුවසල නැකතේ හැටිය. දරුවන් හට හොඳින් සියලුම සැප සම්පත් දී උසස් ඉගනීමක්ද ලබා දී ඉහළ තලයේ රැකියාවකටද මඟ පාදා දුන්නත් අන්තිමේ දී ඔබට ඒ අයගෙන් මානසිකව කිසිම සතුටක් අත් නොවේ. නමට පමණක් ම දරුවන් සිටී.

තම ජීවිතයේ අවසන් කාල සීමාව තුළ දී තද බලම ව්‍යාධි ලෙඩ රෝගවලට තදින් භාජනය නොවූවත් නිතර නිතර ලෙඩ රෝග නිසා මානසිකව පීඩාවන්ට පත්වේ. ඔබ එසේ මානසිකව පීඩාවන්ට ගොදුරු වේ නම් භාවනාමය පැත්තේ අධ්‍යාත්මික අංශයට ක්‍රමයෙන් නැඹුරු වන්න. එවිට පීඩාවලින් බේරීමට හැකිවේ. ජීවිතයේ අවසන් සමය වන විට ඔබට ඉතිරි වන්නේ ඔබ පෙර කරන ලද නිර්මාණ කටයතු පමණි. යහපත් අතීතයක් තබා ගන්න එවිට වර්තමානයේ මානසිකව ඇද නොවැටී දිවි සැරිය ගෙනයාමට හැකිවේවි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.