වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
අද දවස
2024.05.04 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 09.01 - 10.35
සුබ දිශාව - දකුණ
මේෂ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.
වෘෂභ
වගකීම් බහුල කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
මිථුන
ලැබීම් අතින් යහපත් කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.
කටක
වරින් වර ඇතිකරන උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත් කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.
සිංහ
ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ.
කන්‍යා
වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. වමනය ක්ලාන්තය වැනි අසනීප ගතියකින් පීඩා විඳියි. නිතර ගතට සිතට පීඩා ගෙනදෙන දිනයකි.
තුලා
රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි.
වෘශ්චික
ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.
ධනු
යොදා ගත් සැලසුමක් සාර්ථක කරයි. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සූදානමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. ඥාතීන්ගෙන් තෑගි භෝග හිමි කරයි.
මකර
වගකීම් බහුල කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
කුම්භ
ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.
මීන
අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර තමාට ප්‍රශංසා හිමිකරන කටයුතු කීපයක් යෙදේ.