මොනවාද මේ

Super Brain Foods
නොවැම්බර් 26, 2018

දරුවන්ට දියහැකි වටිනාම දායාදය අධ්‍යාපනයයි. ආයුර්වේදය අනුව ධී-ඉගෙනීම ධෘති -මතකයේ තබාගැනීම හා ස්මෘති-දීර්ඝකාලීන මතකය මේ සඳහා වැදගත් වෙනවා. ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රමය වාගේම පෝෂණීය ආහාර හා එදිනෙදා ක්‍රියාකාරකම් මඟින් ඉහළ අධ්‍යාපන ප්‍රතිඵල කරායන්නට මහඟු සහයක් හිමිවෙනවා.

ආයුර්වේදයේ දක්වා ඇති මේධ්‍ය ආහාර හා සාත්වික ආහාර බුද්ධි වර්ධනයට උපකාර වෙනවා. ලෝකයට විශේෂඥ වෛද්‍යවරුන් වැඩි ප්‍රතිශතයක් බිහිකරන රටවල් අතරට ඉන්දියාව එක්ව ඇත්තේ මෙවැනි ආහාර සංස්කෘතියක් තිබීම නිසයි. මෙම ආහාර වර්තමානයේ ඉභනඥප ඡපචඪද ටධධඤඵ ලෙස හඳුන්වනවා.

බැලූ බැල්මට මිනිස් මොළයේ හැඩරුව සිහිගැන්වෙන ගොටුකොළ බුද්ධි වර්ධක ආහාර අතර ඉහළින්ම වැජඹෙනවා. උදෑසන ආහාර ගැනීමට ප්‍රථම ගොටුකොළ යුෂට මී පැණි එක්කර බීම මේ සඳහා වඩාත් ගුණදායක වේ. තවද ගොටුකොළ සම්බෝලය කොළ කැඳ හා ව්‍යංජනයක් ලෙස ද සකසාගත හැකියි. පීනස් ආදී සෙම් රෝග ඇති දරුවන්ට ගොටුකොළ සමඟ රතුලුනූ මිශ්‍රකර දීම වඩාත් සුදුසුයි.

ගොටුකොළ වගේම ලුණුවිලවලට ද ඇත්තේ මතක ශක්තිය වර්ධනය කිරීමේ මහඟු හැකියාවකි. විදේශ රටවල ර්ඥථධපර ර්‍ථඪතතඵ නම් මතක වර්ධක ඖෂධ නිපදවීමට ලුණුවිල යොදාගැනෙනවා. එමෙන්ම ලේ පිරිසුදු කිරීමේ හැකියාව නිසා රත රෝග, චර්ම රෝග ඇති දරුවන්ටත් ලුණුවිල වඩාත් සුදුසුයි. අරළු, ලුණුවිල තම්බාදීම මෙලෙස භාවිතයට වඩා සුදුසුයි.

පොදුවේ ගත් කල කොළ පාට එළවළු පලාවර්ග ඉගෙන ගන්නා දරුවන්ට වඩාත් සුදුසුයි. විශේෂයෙන් කිවහොත් නිවිති, බණ්ඩක්කා, බෝංචි ද, කැරට්, බීට් මේධ්‍ය ගුණ යුක්තයි.

අල වර්ග අතර ඉභනඥප ඕපචඪද ජ්ධධඤ ලෙස බතල සඳහන් වෙනවා. බතලවල තන්තු සහිත නිසා මලබද්ධය හා තරබාරුව අඩුකරන අතර නීරක්තිය ඇති දරුවන්ට සුදුසුයි.

කුරුට්ට ඉවත් නොකළ ධාන්‍ය හා ඇට වර්ග දරුවන්ට ඉතා ගුණදායකයි. මන්දයත් ඒවායේ තන්තු හා යකඩ හා ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත නිසා බොහෝමයක් රෝග වැලඳීම ද අඩුකරනවා. දේශීය රතු සහල් වර්ග, කොල්ලු, කලු තල, ඕට්ස්, ගී‍්‍රන්පීස් වර්ග, රටකජු හා ආමන්ඩ් ද ඉභනඥප ඕපචඪද ජ්ධධඤ ගණයට ගැනෙනවා. දරුවන්ට අතුරුපස, සපා කන ආහාර වර්ගවලට (ඕඪබඥඵ) පි‍්‍රය කරනවා. බොහොමයක් මව්වරු දරුවන්ට අමතර ආහාර ලෙස රෝල්ස්, පැටිස් වැනි ගැඹුරු තෙලේ බදින ලද ආහාර, බනිස්, ඩෝනට්, අයිස්ක්‍රීම්, බිස්කට් වැනි පැණිරස ආහාර ලබාදීමට පුරුදු වී සිටිනවා. මෙවැනි පිටි තෙල් සීනි සහිත ආහාර මතක ශක්තිය දුර්වල කරන අතර විවිධ රෝගාබාධ ඇතිකිරීමට ද සමත්. එම නිසා ධාන්‍ය වර්ග තම්බාදීම, ඒවායේ පිටිවලින් සෑදූ අග්ගලා වර්ග තම්බා දීම, ආදී විවිධ රසවත් ආහාර සකසාදීම දරුවාගේ බුද්ධිමත් බව මෙන්ම නිරෝගී බවටත් උපකාර වෙනවා. දරුවන් තෙල් සහිත ආහාරවලට ඉතාමත් කැමැතියි. නමුත් මෙම තෙල් වඩාත් සුදුසු වන්නේ ඔලිව් තෙල්, පොල්තෙල් හා තල තෙල්. නමුත් මෙම තෙල් අධිකව රත්කිරීමේ දී ඒවායේ පෝෂණීය ගුණ විනාශ වෙනවා. තවද තෙල් වර්ග මිලදී ගැනීමේ දී නිසි ප්‍රමිතියට සිඳගත්, විරංජනය නොකළ මුසු නොවූ පිරිසුදු තෙල් වර්ග මිලදී ගත යුතුයි. ඔලිව් තෙල් හිතකර මේද අම්ල අඩංගු විශිෂ්ට තෙල් වර්ගයක් ලෙස සැලකෙනවා. පොල් තෙල් හා පොල් කිරිවල මතක ශක්තිය වර්ධනය හා ලේ පිරිසුදු කිරීමේ හැකියාව නිසා බටහිර රටවල ද අවධානය යොමුව තිබෙනවා. ඇල්ෂයිමර් නම් වයස්ගත වීමේදී මතක ශක්තිය දුර්වල වන රෝග සඳහා තෙල් ගුණදායක බව විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ කර තිබෙනවා.

පලතුරු කියන්නේ බාල, මහලු කොයි කවුරුත් පි‍්‍රය කරන ආහාරයක්. පලතුරු අතර නෙල්ලි තමයි ඖෂධීය ගුණය අතින් අග්‍රවන්නේ. නෙල්ලි වගේම ඒදබඪධයඪඤචදබ ගුණ අධික දෙළුම් ද ආයුර්වේදයේ ඉතාමත් අගය කරනවා. අලිපේර ද, හිතකර මේද අම්ල පිරි ඉභනඥප ඕපචඪද ජ්ධධඤ යටතට ගැනෙනවා.

ස්ට්‍රෝබරි වගේම ලංකාවේ සුලබ නොවුණත් බ්ලූබෙරි ද බටහිර විද්වතුන් ඉභනඥප ඕපචඪද ජ්ධධඤ ලෙස සලකනවා.

පුද්ගලයකුට දිනකට පලතුරු වර්ග දෙකක්වත් ආහාරයට ගතයුතු වෙනවා. අවම ලෙස පලතුරු ග්‍රෑම් 200 ක් වත් ආහාරයට ගත යුතුයි. ඔබ මෙලෙස විස රසායන නැති නැවුම් පලතුරු වර්ගම තෝරාගන්නට උත්සාහ කරන්න. ඇපල්, මිදි, දොඩම්, දෙළුම්, වෙරළු වැනි පලතුරු දරුවාගේ කායික, මානසික සෞඛ්‍යයට වගේම ඔබගේ පොකට්ටුවටත් හිතකර බව ඔබට මතක් කළ යුතුයි.

ආහාර ගැන කතා කිරීමේ දී කුළුබඩු කියන්නේ නැතිවම බැරි දෙයක්. ඒ වගේම කුළු බඩු කියන්නේ ඖෂධ ගබඩාවක්. මේ අතරින් කහ කියන්නේ මේධ්‍ය ගුණය අධික ද්‍රව්‍යයක්. මී පැණි සමඟ අමුකහ යුෂ හිස්බඩට (තේ හැඳි එකක් පමණ) ටික කාලයක් ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය වනවා වගේම අසාත්මිකතා නිසා ඇතිවන සෙම් රෝග හා සමේ රෝගත් සුවපත් කිරීමේ හැකියාවක් තියෙනවා.

ඉභනඥප ඕපචඪද ජ්ධධඤ වර්ගයක් ලෙස ගැනෙන කහ භාවිත කරන ආහාරයට කලු ගම්මිරිස් කුඩු යෙදූ විට එහි ගුණය වර්ධනය වෙනවා සේම ආහාර ජීර්ණය ද වඩාත් පහසු කරනවා. යකඩ හා ෆෝලේට් අඩංගු කරපිංචා දරුවන්ගේ නීරක්තිය අඩුකරන නිසා ආහාරගන්නා විට පිඟානේ පසකින් තැබීම වෙනුවට හොඳින් සපා ආහාරයට ගැනීමට හුරු කළයුතුයි.

තරමක් තිත්ත රස වුවත් උළුහාල් ද දරුවන්ට හිතකර වූ කුළුබඩු වර්ගයක් වෙනවා. කුරුඳු, රතු ලූනු මීට අමතරව ආහාරයට ගත යුතුයි.

කිරි ආශි‍්‍රත නිෂ්පාදන සැලකීමේ දී එළඟිතෙල් කියන්නේ මේධ්‍ය ගුණය අධිකම ආහාරයකි. ආහාර පිසීමට මෙන්ම ගොටුකොළ යුෂ සමඟ එළඟිතෙල් ස්වල්පයක් ද දරුවන්ට දිය හැකියි. නැවුම් කිරි නිෂ්පාදන දරුවන්ට හිතකර බවයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ නිසා පිටි කිරි වෙනුවට නැවුම් කිරි නිෂ්පාදන ලබාදිය හැකි නම් වඩාත් සුදුසුයි.

ඉහත මේධ්‍ය ආහාර (ඉභනඥප ඕපචඪද ජ්ධධඤ) වර්ග ශිෂ්‍යයන්ට පමණක් නොව තරුණ, මහලු සැමටම භාවිත කිරීම මඟින් මානසික ආතතිය දුරු වේ. වයස් ගතවීම සමඟ ඇතිවන අමතක වීම වැනි තත්ත්ව අවම කරයි.

තියුණු බුද්ධියක් ඇති වේ. ඒ නිසා රැකියා කටයුතු ද සාර්ථක කරගත හැකි වේ.

අමුක්කරා, වදකහ, ජටාමාංස ආදී ආයුර්වේද ඖෂධ සුපිරි බුද්ධිවර්ධක වුවත් ඒවා නියමිත වෛද්‍ය උපදෙස් මත දරුවන්ට ලබාදිය යුතුය. (උදා- වදකහ වැනි ඖෂධ විරේක ගුණැතිය. සුදුසු මාත්‍රාව හා ශරීර තත්ත්ව අනුව මාත්‍රා වෙනස් වේ)

 

බුද්ධි වර්ධන ක්‍රියාකාරකම්

* ගැඹුරින් හුස්ම ගැනීම හා පිට කිරීම, මෙමඟින් මොළයට හොඳ රුධිර සැපයුමක් ඇති කරන අතර නිපදවන විෂ පදාර්ථ ඉවත් වේ.

* මේ සඳහා යෝග ව්‍යායාම හා එහි සඳහන් ප්‍රාණයාට නියමිත ගුරුවරයකු ඇසුරේ ප්‍රගුණ කිරීම වඩාත් ප්‍රතිඵල දායක ය.

තවද, පාසල් ළමුන් එකම තැන අක්‍රීයව නොතබා ඔවුන්ට සුදුසු කාල පරාසයක් ක්‍රීඩා කරන්නට සැලැස්විය යුතුªය.

* එමෙන්ම උදෑසන හිරු එළියේ ක්‍රීඩා කිරීමට දීමෙන් විටමින් ච් (ඉභදඵඩඪදඥ ) විටමින් ශරීරයේ නිපදවෙන නිසා දරුවන්ට වඩා ගුණදායකය.

* භාවනා කිරීමේ දී රජස්, තමස් වැනි අහිතකර මානසික ගුණ යටපත්කර සාත්වික නම් යහපත් මානසික ගුණ ඇති කරන නිසා බුද්ධි වර්ධනයට හිතකරය.

* ආයුර්වේදයේ පරිදි බ්‍රහ්ම මුහුර්තයෙන් අවධි වීම දක්වා ඇත එම කාලය අධ්‍යාපන කටයුතු සඳහා සුදුසුම කාලය ලෙස සැලකේ.

* තවද, ප්‍රමාණවත් තරම් සුවබර නින්දක් (අවම පැය 6ක්) ලැබීම ද අධික ලෙස නිදා නොගැනීම ද ශිෂ්‍යයන්ට හිතකර වේ.

* මත්පැන් , වර්ග භාවිතය ද නුසුදුසුය.

* අධික ලෙස තෙල් හා සීනි, පිටි සහිත ආහාර (ආයුර්වේදයේ පරිදි ගුරු ආහාර) සීමා කිරීම ද වඩා හිතකරය.

* අධ්‍යාපන කරුණු නැවත නැවත සිහි කිරීම හා නිතර අභ්‍යාස කිරීම (සතතභ්‍යාස) කිරීම ද අධ්‍යාපනය ලබන පිරිසට වඩාත් සුදුසුය.

* යම්කිසි ක්‍රියාවක් සීමා රහිතව අධිකව යෙදීම ද අතියෝගය) ශිෂ්‍යයන් නුසුදුසුය.

උදා - අධික වේලාවක් රූපවාහිනිය නැරඹීම හාවැඩිවේලා පරිගණක ක්‍රීඩාවල නිරත වීම

* මීට අමතරව අධ්‍යාපන කටයුතුවලට බාධා පමුණුවන්නා වූ රෝග ඇතිනම් ඒවාට පිළියම් යෙදිය යුතුය.

උදා- * පෙනීමේ දුර්වලතා (දෘෂ්‍යාබාධ)

* කන් ඇසීමේ දුර්වලතා (ශ්‍රවණාබාධ)

* ශීර්ෂ රෝග

* බඩ දැවිල්ල (අම්ල පිත්ත)

* පණු රෝග (ක්‍රිමි රෝග)

* පෝෂණ ඌණතා රෝග (නීරක්තිය ආදී)

* සහජ රෝග (ඔටිසම්)

 

එක් එක් පුද්ගලයාට ආවේණික වූ ශාරීරික, මානසික තත්ත්ව ඇති නිසා පුද්ගල බද්ධ ප්‍රතිකර්ම ආයුර්වේදය මඟින් දක්වා ඇත. අධ්‍යාපන හැකියාව ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

ඒ නිසා උත්සාහ කළ යුත්තේ දරුවන්ගේ හැකියාවන් හඳුනාගැනීම හා ඔවුන්ගේ උපරිමය ලබාගැනීමට උත්සාහ කිරීම මිස අධ්‍යාපනය අතිධාවනකාරී හා තරගකාරී දෙයක් බවට පත්කරගැනීම නොවේ.

මානුෂීය ගුණාංග පිරුණු උගතකු බිහි කිරීමට ඔබට හැකි නම් එය ඔබ සමාජය කරන ලොකුම සේවාව වනු ඇත.

 

වාසල ගෙදර සුසීමා

සේනානායක

ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යාවේදී ගෞරව උපාධිධාරී

ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.