2024.04.21 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 04.46 - 06.19
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. නිතර ඇතිවන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවන දිනයකි.

වෘෂභ

ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩු කරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර ඇතිවන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. ගනුදෙනු වාසියක් සැලසෙන දිනයකි.

කටක

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර අමතර වියදම් බහුල කරයි. දරුවකු පිළිබඳ වගකීම් බහුල දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන කරුණු කීපයක් සිදු කරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණුූ පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට හෝ මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘශ්චික

නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

අමතර ආදායම් මාර්ගවලට ඉඩ සැලසෙන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. ක්ලාන්ත ගතියක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. නිතර ඇතිවන කොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. රැකියා බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.

මීන

ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත් කරයි. පැරැණි ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.