2024.03.21 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මාර්තු 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.14
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - දවල් 01.48 - 03.19
සුබ දිශාව - උතුර

මේෂ

පවුලේ බැඳීම් වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදුකරගෙන යන දිනයකි.

වෘෂභ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමි කරයි. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

මිථුන

විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීම් ඇති කරයි. අලුත් බැඳීම් ඇති කරන දිනයකි.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇති කරන බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙන්නුම් කරයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. යටපත් වූ පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කන්‍යා

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරන දිනයකි.

තුලා

පැවැති අසහනකාරී බව මඟහැරී යන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දරුවන්ගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. තීරණ වෙනසක් සිදුවිය හැකි දිනයකි.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. නිතර කේන්ති යන ස්වභාවයකින් පසුවන බවක් පෙනේ. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා තමා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

මකර

වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදෙන දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. අමතර වියදම් බහුල කරයි.

කුම්භ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පැවැති අසහනකාරී බව මඟහැරී යයි. සමාජ සේවයට පි‍්‍රය කරන දිනයකි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් කරයි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.