2023/12/03 ඉරිදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 3, 2023

 

ඉර උදාව – පෙ.ව. 06.08
ඉර බැසීම – ප.ව. 05.52
රාහු කාලය – සවස 04.24 - 05.52
සුබ දිශාව – දකුණ

 

මේෂ

දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කටයුතු කීපයක් යෙදේ. කල්ගත වූ ගනුදෙනුවක් විසදී යන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන දිනයකි. වෙනදාට වඩා පී‍්‍රතියෙන් විනෝදයෙන් කටයුතු සිදු කරයි.

මිථුන

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

කටක

සෙම් රෝග බහුල දිනයකි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න.

සිංහ

පවුලේ වගකීම් තමා පිට පැවරීමට ඉඩ ඇත. නිතර ඇති වෙන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. වංචාසහගත කටයුත්තකට හසුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

කන්‍යා

ගේ දොර සැප සතුට ඇති කරයි. ප්‍රමාදවූ කටයුතු කීපයක් නැවත සාර්ථක කර ගැනීමට මඟ සැලසෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුර පෙළඹේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

තුලා

පවුලේ අය අතර සුහදත්වයට හේතු ඇති කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අතමිට සරු වුවත් වැය පස අධිකයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර ලෙස කටයුතු කිරීමෙන් ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට පත් කරයි. පැරැණි හිතවත්කමක් අලුත් වීමට ඉඩ ඇති දිනයකි.

ධනු

වරින් වර උදාසීන ලෙස කටයුතු කරයි. එහෙත් වෙනදාට වඩා දුරදිග බලා තීරණ ගන්නා දිනයකි. නීති උපදෙස් පැතීමට සිදුවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මකර

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරයි. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතන බවක් පෙනේ. වෙනදාට වඩා පැණිරස කෑමට පි‍්‍රයකරන දිනයකි. පවුලේ කටයුතු සම්බන්ධ එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙන්වයි.

කුම්භ

නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙනස්කම් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. විශ්වාසය බිඳවැටීමක් සිදු වීමට ඉඩ ඇත.

මීන

උනන්දුව උද්‍යෝගය අඩුකරන බවක් පෙනේ. වෙහෙස ගෙන දෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙයි. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.