2023.11.19 ඉරිදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 19, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - සවස 04.21 - 05.50
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම් වැඩිකරන බවක් පෙනේ. රැකියා ස්ථානයේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. හිතවතුන්ගේ උපකාර හිමිවන දිනයකි.

වෘෂභ

විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. නිතර විනෝදයට බරව කටයුතු කීපයක් සිදුකරයි. වාහන ගමන් බහුලවන දිනයකි.

මිථුන

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන දිනයකි.

කටක

අමතර කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. විනෝදයෙන් කටයුතු කරන දිනයකි.

සිංහ

අමතර ගමන් බහුල කරන දිනයකි. පවුලේ වගකීමක් තමාපිට පැවරීමට ඉඩ ඇත. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

කන්‍යා

දානමය කටයුත්තක් සම්බන්ධ සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

තුලා

උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට හැකිවන දිනයකි.

වෘශ්චික

සිතේ සැකයෙන් යුතුව කටයුතු කීපයක් සිදුකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් ගැටලුකාරී බවක් මතුකරයි.

ධනු

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති අඩුපාඩු කීපයක් සපුරාගැනීමට කටයුතු සැලසේ. උදරාශි‍්‍රත ආබාධයකින් පීඩා විඳින දිනයකි.

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. ගේ දොර කටයුතු සම්බන්ධ අඩුපාඩු කීපයක් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.

කුම්භ

හදිසි සිත්තැවුලකට මුහුණපෑමට සිදුවෙයි. තම ගෞරවයට කැළැලක් සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සොයා බැලීමක් කළයුතු දිනයකි.

මීන

සිතට සැකයක් ඇතිවන කටයුතු කීපයක් යෙදේ. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවෙයි. මුත්‍රා අමාරු, සෙම් අමාරු වැනි දෙයකින් පීඩා අත්වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.