2023.11.18 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 18, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - උදේ 08.58 - 10.27
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුල දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළයුතු බවක් පෙනේ.

වෘෂභ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මිථුන

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවිය හැකියි. ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත ආබාධයකට මුහුණ පෑමට සිදුවන දිනයකි.

කටක

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවෙයි. පැවැති අසහනකාරී බව මඟහැරී යන දිනයකි.

සිංහ

හදිසි තීරණයක් හේතුවෙන් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි.

කන්‍යා

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන දිනයකි.

තුලා

විශේෂ ගමනකට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදෙන දිනයකි.

වෘශ්චික

අසල්වාසීන් සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යා හැකියි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් ද කටයුතු සිදුකරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන දිනයකි.

ධනු

අමතර ආදායම් මාර්ගවලට කටයුතු උදාකරයි. දරුවකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවන දිනයකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

මකර

නැතිවූ දෙයක් නැවත හිමිකරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු උදා කරයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙන දිනයකි.

කුම්භ

විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදාකරයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථා සැලසේ. අමතර දේ ඉගනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

මීන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් සැලසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.