2023.11.16 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 16, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - දහවල් 01.23 - 02.52
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නොසිතූ පාඩුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

වෘෂභ

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. අතමිට සරු කරන ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

කටක

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. අතක වේදනාවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන දිනයකි.

සිංහ

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරත වෙයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ.

කන්‍යා

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන දිනයකි. පවුලේ කටයුතු පිළිබඳ දක්වන උනන්දුව අඩුකරන බවක් පෙනේ.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරන කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතුවලින් විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘශ්චික

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවන දිනයකි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන දිනයකි.

ධනු

එදිනෙදා කටයුතු අධික කරයි. නිතර රැකියා ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවිය හැකියි. දරුවකුගේ උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවිය හැකි දිනයකි.

මකර

අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩු කරන දිනයකි.

කුම්භ

පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන දිනයකි.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිත් අමනාපයකට හේතු ඇති කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු දිනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.