2023.11.04 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 4, 2023

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම – ප.ව. 05.50
රාහු කාලය – උදේ 08.56 -10.25
සුබ දිශාව – උතුර

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ආගමික කටයුත්තක් උදෙසා දුර බැහැර ප්‍රදේශයකට යාමට කටයුතු උදා කරයි.

වෘෂභ

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු දිනයකි. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

මිථුන

පොත්පත් – ලිපිලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. නිතර ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු යෙදෙන බවක් පෙනේ. පවුලේ අයකු සමඟ සිත් නොහොඳකමකට කටයුතු සැලසෙන දිනයකි.

සිංහ

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරන බවක් පෙනේ. හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි. උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

කන්‍යා

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොකරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. පවුලේ දානමය වැඩපිළිවෙලකට සාකච්ඡාවක් සිදු කරයි. දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ.

තුලා

සිතට පී‍්‍රතිය ගෙන දෙන අන්දමේ කරුණුූ කීපයක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් නිසා ප්‍රසිද්ධියට පත්වන දිනයකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට කටයුතු උදාකරයි. උරහිසේ හටගන්නා වේදනාවකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

 

මකර

අවිවේකී ලෙස දවස උදාකරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් යෙදීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන බවක් පෙනේ. උසස් අයගේ ඇසුරට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ප්‍රභූ අයගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.