2023.10.17 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 17, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.55
රාහු කාලය - දවල් 02.55 - 04.25
සුබ දිශාව - දකුණ

මේෂ

අමතර වෙහෙසීම් වැඩි කරයි. හිතාමතා කරන කටයුතු කීපයක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට පැටලීමට ඉඩ ඇත. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

වෘෂභ

අලුත් බැඳීම්වලට හේතු ඇති කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අසරණ අයට පිහිටවීමට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

ශාරීරික වෙහෙසීම් වැඩිකරන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි.

කටක

ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා වගකීම් බහුල කරයි. ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. විසිතුරු දේ පිළිබඳ සිත යොමුකරන බවක් පෙනේ.

සිංහ

වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු සිදුකරයි. විදෙස් බලාපොරොත්තුවකට අඩිතාලමක් සැකසෙන දිනයකි. වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කරන්න.

කන්‍යා

අමතර වගකීම් බහුල කරයි. එහෙත් වෙනදාට වඩා ගතට සිතට සැනසීම උදාකරයි. සිත් අමනාපකමක් මඟ හැරී යන බවක් පෙනේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

තුලා

ගතට සිතට ප්‍රබෝධයක් ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. සමාජීය ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත් කරයි. අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරන බවක් පෙනේ. වැඩිහිටි විරෝධය ඇතිව කටයුතු කීපයකට අතගසන දිනයකි.

ධනු

වෙනදාට වඩා කල්පනාකාරීව කටයුතු කරන දිනයකි. පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට කටයුතු උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම් වැනි සුළු සුළු තුවාල සිදුවිය හැකි බවක් පෙනේ. වියදම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි.

කුම්භ

ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කරයි. ඥාතියකු සමඟ ඇතිවන බහින් බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. වාහන ගනුදෙනුවකට අතගසන දිනයකි.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ගණිත අංශයේ කටයුතුවලට පි‍්‍රයාතාවයක් දක්වන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් අධික කරයි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.