වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රවි නීචවීමෙන් බලශක්ති අර්බුද ඇතිවෙයිද?
ඔක්තෝබර් මස 18 වෙනි බදාදා අලුයම 1.29ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා තුලා රාශියට ගොස් නීච වීම රටටත් ජනතාවටත් දුෂ්කර කාලයක් වනු ඇත.
ඔක්තෝබර් මස 14 වෙනි සෙනසුරාදා කන්‍යා රැසෙහි සූර්ය ග්‍රහණයකින් පීඩාවූ ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා ඔක්තෝබර් මස 18 වෙනි බදාදා අලුයම 1.29ට ස්වකීය නීච භ්රමනය වන තුලා රැසට ගොස් රාහු, කේතු, කුජ යන සහජ පාපීන්ගෙන් පීඩාවීම රටටත්, ජනතාවටත් අපල විපත් ඇති කිරීමට හේතු භූත වන ග්‍රහ ගෝචරයක් වන්නේය. ඒ අනුව ඔක්තෝබර් මස 18 වෙනි දින තුලා රාශි ගත වන රවි නොවැම්බර් මස 17 වෙනි සිකුරාදා අලුයම 1.18 වන තෙක් එහි රැඳී සිටින්නේය.
එම කාලසීමාව තුළදී ලංකා දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගන්නා අතර, දේශපාලන ක්ෂේත්රයේ හැලහැපීම්, ගැටුම් ඇති කරන්නේය. එම කාලසීමා තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩ වර්ජන නිසා අක්‍රිය වියහැකිය. ජනතාව අපහසුවට පත්වන අතර, රට තුළ ඖෂධ හිඟයක් ඇති විය හැකිය. හෘද, ඇස්, උණ,අස්ථි යනාදී රෝගීන්ගෙන් වැඩිවීමක්ද මෙකී කාලසීමාව තුළ දක්නට ලැබෙන්නේය. එකී රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඇතිවන ප්රමාදතාවයන් නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වනු ඇත. එකී රෝග නිසා මියැදෙන්නේය.
මෙකී විදුලියට කාරක රවි යට විග්රහ කළ ලෙස නීචව පීඩා වීමෙන් විදුලි හා බලශක්ති පරිභෝජනය පිළිබඳ අර්බුද ඇති විය හැකිය.
මෙකී රවිගේ නීචය විශේෂයෙන්ම උප්පත්තියේදී රවි පීඩාවී දුර්වලව ඇති දැනට රවි මහ දශාව අතුරු දශාව ගත කරන ඒරාෂ්ඨක අපල ඇති කේන්දර හිමියන්ට දැඩි අපල විපත් ඇති කරන හෙයින් ඔවුන් සෙනසුරාදා, ඉරිදා, දිනවල දේශපාලන කටයුතුවලට සහභාගිවීමෙන්, නායකත්වය දීමෙන්, රෝගවලට ප්‍රතිකාර ගැනීමෙන් වැළකිය සිටිය යුතුය. තවද උපත්තියේ රවි අපල ඇති ජන්මීන් මෙකී කාලසීමාව තුළදී ඊශ්වර දෙවියන්ට විංශෝත්තරී දෙවියන්ට භාරහාර වීමෙන්ද, සූර්ය මණ්ඩලය අටඝෝරය, සිදම්බරය නව ග්‍රහ යන්ත්‍රයක් දක්ෂ පළපුරුදු ඇදුරන් ලවා පැලඳ ගැනීමෙන් හෝ ලග්නයට බලවත් යෝගකාරක ග්‍රහයාට පාෂාණයක් ඇල්ලූ මුදුවක් හෝ නවග්‍රහ මුදුවක් පැලඳීමෙන් අපල තත්ත්වය මර්දනය කර ගැනීමට හැකි වන්නේය.