2023.10.01 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 1, 2023

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - සවස 04.31 - 06.02
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. සමාජීය කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවන බවක් පෙනේ. වගකීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති දිනයකි.

වෘෂභ

හදිසි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. නිතර ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අතර ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන බවක් පෙනේ. හිතවතකුගේ කටයුතු වෙනුවෙන් හවුල්වීමට ඉඩ සැලසෙන දිනයකි.

කටක

අසනහනාකාරී බව මඟ හැරී යයි. පවුලේ අය අතර මෙන්ම සමාජයේද ප්‍රසිද්ධියට පත්වන දිනයකි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

සිංහ

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ඉක්මන් කෝපය තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල කරන දිනයකි.

කන්‍යා

මෙතෙක් පැවැති අවිවේකී බව මඟ හැරී යයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

තුලා

නීති සහන උදා කරන දිනයක් වන අතර, වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා ගෘහජීවිතයේ කටයුතු පිළිබඳ විමසිලිමත් වන්න. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

ධනු

මෙතෙක් පැවැති ගැටලුකාරී බව මඟ හැරී යයි. නිතර ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. දරුවන් පිළිබඳ සතුට පත්විය හැකි දිනයකි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන බවක් පෙනේ.

මකර

පැවැති සතුට සමාදානයට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නොසිතූ ලෙස තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වරින් වර ඇති කරන ස්නායු අමාරු හෝ නහරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන අතර නිතර සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනේ.

මීන

වගකීම් බහුලවන අතර, වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. මුදල් කටයුතුවලට සම්බන්ධවීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.