2023.09.07 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 6, 2023

ඉර උදාව – පෙ.ව. 06.02
ඉර බැසීම – ප.ව. 06.15
රාහු කාලය – දවල් 01.40 -03.12
සුබ දිශාව – නැඟෙනහිර

මේෂ

ශරීර ශක්තිය හීන කරන බවක් පෙන්නුම් කරයි. නිතර පවුලේ කටයුතුවලින් ඈත් වී සිටීමට සිදුවන දිනයකි. යටපත් වූ අතක ආබාධයක් නැවත මතු කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

වෘෂභ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අපිළිවෙලක් ඇති කරයි. නිතර දුර ගමන්වලට කටයුතු උදා කරයි. මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වරින්වර ජලයෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

මිථුන

නිතර හටගන්නා උදරගත ආබාධයකින් පීඩාකාරි බවක් ඇති කරයි. මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. නිතර තමා හමුවට යන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. නිතර තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. හිතවතුන් සමඟ විනෝදවීමට කටයුතු උදා කරන දිනයකි. අමතර ආදායම් මාර්ග සැලසෙන කටයුතු කීපයක් මඟහැරි යන බවක් පෙනේ.

සිංහ

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන බවක් පෙනේ. මිල මුදල් හුවමාරුවේදී සැලකිලිමත් වන්න. අසල්වාසීන් සමඟ එක්ව කටයුතු කිරීමට හැකිවන දිනයකි. මෙතෙක් අමනාපයෙන් සිටි අයකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි.

කන්‍යා

පවුලේ කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන කාලයකි. අලංකාර ඇඳුම් පැළදුම් කෙරෙහි අමතර වියදමක් සිදු කරයි. වරින්වර ඇති කරන ශාරීරික පීඩාවන් හේතුවෙන් වගකීම් කීපයක් පැහැර හැරීමට සිදුවේ.

තුලා

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

වෘශ්චික

දරුවකුගේ කටයුතු පිළිබඳ දුර දිග සිතා බලන්න. පැරැණි පෙම් සබඳතාවයක් අලුත්වන ලකුණුූ පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට මාර්ග පෑදේ.

ධනු

පවුලේ බැඳීම් වැඩි කරන කටයුතු කීපයක් සිදු කරයි.නිතර තමාට ප්‍රශංසා හිමිකරන බවක් පෙනේ. අසරණ අයකුට පිහිට වීමට අවස්ථාව උදා කරයි. නොසිතූ ලෙස දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබෙන දිනයකි.

මකර

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පපුව හෝ පෙනහළු ආශි‍්‍රත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන බවක් පෙන්නුම් කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

මීන

ගේ දොර සැනසිල්ල උදාකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ගමන් බිමන් අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර දනට පිනට වැඩි කාලයක් යොදවන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.