2023.09.02 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 1, 2023

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 09.06 - 10.39
සුබ දිශාව - උතුර

මේෂ

මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරයි. නිතර දරුවකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. නීති ගැටලුවකට මුහුණපෑමට සිදුවන අතර වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න.

වෘෂභ

විශේෂ වරප්‍රසාද කීපයකට මඟ සැලසේ. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. අලුත් හිතමිතුරන් දැන හඳුනාගැනීමට කටයුතු උදා කරයි

මිථුන

නිතර අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ අය සමඟ විනෝදයෙන් ගත කිරීමට හේතු යෙදේ. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන දිනයකි.

කටක

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. එමෙන් පැරණි පෙම්සබඳතාවයක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. මෙතෙක් පීඩාගෙන දුන් ගැටලුවකින් නිදහස සැලසේ.

සිංහ

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු උදාකරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

නිතර වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. වරින්වර හටගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

තුලා

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. හිතුමතයට කටයුතු කිරීමට යාමෙන් ගැටලු කීපයක් මතුකරයි. අමතර ඉගෙනීම් කටයුතු හේතුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි.

වෘශ්චික

හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

ධනු

පවුලේ බැඳීම්වලට බාධාකාරී වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. උසස් අය සමඟ එකමුතු වී කටයුතු කීපයක් කිරීමට සිදුවේ. දරුවන් පිළිබඳ සතුටට පත්වීමට කරුණු ඇති කරයි. අඹුසැමි ගැටලුවක් මඟහැරී යන දිනයකි.

මකර

පැවැති ආදායම් මාර්ගවලට බාධාකාරී බවක් ඇති කරන දිනයකි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. තැන්පත් ධනය වැයවන දිනයකි.

කුම්භ

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර ඇතිවන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පැරැණි හිතවතකු මුණ ගැසීමට කරුණු ඇති කරයි.

මීන

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයකට බාධාගෙනදෙන දිනයකි. උත්සාහයෙන් කටයුතු කළත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාාලයක් නොවනු ඇත. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.