2023.08.22 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 21, 2023

ඉර උදාව පෙ.ව. 06.04
ඉර බැසීම – ප.ව. 06.23
රාහු කාලය – සවස 03.18 , 04.51
සුබ දිනය – නැඟෙනහිර

මේෂ
සැනසිල්ල අඩුකරන දිනයකි. පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි.

වෘෂභ
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරයි. නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව යෙදෙන දිනයකි.

මිථුන
හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. දරුවකුගේ කටයුතු පිළිබඳ විමසිලිමත් වන්න.

කටක
ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

සිංහ
කරදරකාරි දිනයකි. නිතර ඇවිදිලි වැඩි කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

කන්‍යා
අතමිට මුදල් ගැවසෙන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසේ.

තුලා
වගකීම් බහුල කරයි. පවුලේ අය අතර හොඳ හිත දිනාගැනීමට කටයුතු සැලසේ. විශ්වාසවන්ත හිතවතකුගේ ඇසුරට අවස්ථාව උදාකරයි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

වෘශ්චික
අවිවේකී ලෙස දවස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. පවුලේ වගකීමක් තමා වෙත පැවරේ. දුර ගමන් අධික කරන දිනයකි.

ධනු
වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

මකර
අවිවේකී ලෙස සතිය උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හදිසි මුදල් වැය වීමක් සිදුවීමට ඉඩ ඇත.

කුම්භ
වගකීම් බහුල කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවේ.

මීන
විශේෂ ගමනකට සැලසුමක් ඇති කරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. ලාබ ලැබෙන මාර්ග කීපයක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරයි.

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.