2023.08.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 19, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.24
රාහු කාලය - ප.ව. 04.51 සිට 06.24
සුබ දිශාව - දකුණ

 

මේෂ
එතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල ප්‍රමාදවීම් ඇතිවේ. සිත් පීඩා ගෙන දෙන කරුණු යෙදෙන අතර ආහාර අරුචිය, බඩේ අමාරු, ශරීර ශක්තිය අඩු බවක්, පෙන්නුම් කරයි.

වෘෂභ
ලෞකික සැප සම්පත් ලැබෙනු ඇත. ප්‍රේම සම්බන්ධතා, විවාහය ස්ථිර වීම් වැනි කටයුතුවලට යහපත් වේ. සිතේ තරමක චංචල බවක් ඇති කරයි. අන් අය තමා ගැන මෙන්ම තමාගේ කටයුතු ගැන වැඩිපුර සොයා බලන දිනයකි.

මිථුන
සමාජයේ යම් පිළිගැනීමක් ඇති කරවනු ඇත. කටයුතුවල සාර්ථක බවක්ද අත්විඳීමට හැකිවේ. සිතට සතුට ගෙන දෙන අන්දමේ සිදුවීම්වලට මුහුණ දීමට සිදු කරයි. පපුවේ සෙම ගතියක් ද ඇතිවේ.

කටක
නිතර ගමන් බිමන් යෙදෙනු ඇත. හිතවත් අයකුගේ දියුණුවක් ගැන අසා සතුටුවීමට ලැබෙනු ඇත. නිතර හිතේ සැකයකින් යුතුව කටයුතු කරයි. අමුත්තෙකු මුණ ගැසීමට අවස්ථාව උදා කරයි. අලුත් මිතුරු සම්බන්ධතාවයක් ද ඇති වීමට ඉඩ ඇත.

සිංහ
පල ප්‍රයෝජනයක් නොමැති දෙයට වියදම් කරන දිනයකි. තමා කෙරෙහි අන් අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුව යනු ඇත. මිල මුදල් පිළිබඳ හිතේ ගැටලුකාරී තත්ත්වයක් ද ඇතිවේ. දියුණුවට පැවති මාර්ගවලට බාධා ඇති කරයි.

කන්‍යා
අතීතය ගැන නිතර සිතන දිනයකි. පී‍්‍රතිය සතුට ගෙන දෙන සුළු සුළු ගමන් ද යෙදේ. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා පවුලේ කටයුතු හොඳ තත්ත්වයකට හැරෙන අතර යහපත් දෙයට සිත යොමු වේ. සැප පහසු ආකාරයට කටයුතු කිරීමට ද ලැබෙනු ඇත.

තුලා
සිත් තැවුල්, කණගාටු ඇති කරයි. නොතේරුම්කමින් හෝ නොදැනුවත්කමින් කරන කටයුත්තක් නිසා පාඩු අලාභ හානි විඳින්නට සිදුවේ. මිල මුදල් ගනුදෙනුවලදී පරිස්සම් විය යුතුය. ශාරීරික ආබාධයකට ද ඉඩ ඇත.

වෘශ්චික
අලුත් පිරිසක් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරයි. හිතවත් කෙනකු තමාව සොයාගෙන එන බවක් පෙනේ. සමාජ ආශ්‍රයට යොමුවන අතර සමාජයද තමා පි‍්‍රය කරයි. ගෙදර දොර සැප පහසුව ඇතිවේ. මිල මුදල් ලැබීමට ද යහපත් දිනයකි.

ධනු
අන් අයගේ උදව් උපකාර ලැබීමෙන් කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. මිල මුදල් ලාභ ද ලැබෙනු ඇත. ගෙදර දොර සැනසිලි දායක තත්ත්වයක් ඇතිවේ. රැකියා කටයුතුවල දියුණුවක් ද දක්නට ලැබෙන දිනයකි.

මකර
කරදර සහිත දවසක් වනු ඇත. බලාපොරොත්තු කඩවේ. ගෙදර දොර අඩුපාඩු කීපයක් ඇති කරයි. ගෙදරින් පිටව යාමට පවා සිත දෙන බවක් පෙනේ. උසස් අයගෙන් කරදර ඇති කරයි. ශරීරයට වෙහෙස ගතියක් ද ඇතිවේ.

කුම්භ
අවුල් වියවුල් සහිත දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාද වීම් ඇති කරයි. නිශ්ඵල ගමන් මෙන්ම වියදම් ද යෙදේ. ශුභ වැඩට නොබැසිය යුතු දිනයකි. ආහාර නොදිරවීමේ රෝග සෙම් අමාරු ඇතිවනු ඇත.

මීන
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. මිල මුදල් ලාභ හිමිකරයි. පී‍්‍රතිමත් ගමන් යෙදෙන අතර මිතුරන් හා ආශ්‍රයට කටයුතු සැලසේ. විනෝදයට හිත ඇදී යයි. අන් අය අතර ගෞරවයට පාත්‍රවන දිනයකි.

ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.