2023.08.17 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 16, 2023

ඉර උදාව – පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය – දවල් 01.47 - 03.20

සුබ දිශාව – උතුර

මේෂ
ශාරීරික වෙහෙසකාරි බවක් ඇති කරන දිනයකි. නිතර ඇතිවන පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා අත්කරයි. ආගමානුකූල කටයුතු කෙරෙහි විශේෂ ලැදිකමක් දක්වන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘෂභ
පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. දේපළ ගැටලුවක් විසඳා ගනී. ඉක්මන් කලබලකාරි ගතිපැවතුම් තමාට අවාසි සහගත දිනයකි.

මිථුන
ශාස්ත්‍රීය කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ අත්කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. විශේෂ ගමනකට සම්බන්ධ විය හැකි දිනයකි.

කටක
මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. අමතර වියදම් බහුල කරන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදාකරයි.

සිංහ
වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු සිදුකරන බවක් පෙනේ

කන්‍යා
විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. පවුලේ පැවැති අර්බුදකාරි බවක් මඟහරවා ගැනීමට කටයුතු උදාකරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. ආගම දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

තුලා
වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. විශ්වාසවන්ත බැදීමකට කරුණුූ ඇති කරයි. සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. සහෝදර බැඳීමකට හේතුවන කරුණු කීපයක් සිදු කරයි.

වෘශ්චික
වෙනදාට වඩා සැනසිලිදායක ලෙස දවස ගෙවයි. ගේ දොර කටයුතු පිළිවෙලකට තබා ගැනීමට උත්සාහ දරණ බවක් පෙනේ. නිතර විසිතුරු දේ මිලදී ගැනීමට සිත් දෙන දිනයකි. මුදල් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ.

ධනු
පවුලේ මතභේදකාරි බවක් මඟහැරී යන බවක් පෙනේ. පුණ්‍ය කටයුතු කෙරෙහි වෙනදාට වඩා සිත යොමු කරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. දරුවකු පිළිබඳ සිත් සතුටු කරන පුවතක් අසන්න ලැබේ.

මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන දිනයකි. අවිවාහකයන්ට සුබදායක දිනයක් වන අතර මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

කුම්භ
ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. එහෙත් අමතර ලාභ ලැබෙන මාර්ග කීපයක් හිමි කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන දිනයකි. සමාජයෙන් පැසසුම් ලැබෙන බවක් ද පෙන්නුම් කරයි.

මීන
වෙනදාට වඩා සැනසිලිදායක බවක් අත්කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට ද කටයුතු සැලසේ. නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සිදුවේ.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.